නාමල් කෙන්යාවේ ගිහින් එන ගමන් සුන්දර මාලදිවයිනේ නැවතිලා ෆුට්බෝල් මැච් එකත් බලනවාලු

කෙන්යාවේ නිල සංචාරයක් සදහා මෙරටින් පිටත්ව ගිය නාමල් රාජපක්ෂ ඇමැතිවරයා නැවත ලංකාවට එන අතරවාරයේදී සුන්දර මාලදිවයිනට ගොස් සාෆ් ශූරතා පාපන්දු තරගය නරඔන බව නාමල් රාජපක්ෂ මහතා තම සමාජ මාධ්‍යෙය් සටහනක් තබා ඇත.

තවද එම සටහෙන් සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සබදතා ශක්තිමත් කිරීම සදහා තමන් ද්වීපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගී වූ බවය.

ඔක්තෝබර් 10 දින මෙම සටහන පළ කර ඇත.

තවද ඒ මහතා සදහන් කර ඇත්තේ මාලදිවයින් ජනපති අතිගරු ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් මහතා. හමු වූ බවය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තබා තිබූ සටහන මෙසේය.

“කෙන්යාවේ සංචාරයක් නිමවා නැවත මව් බිම බලා ගමන් ගන්නා අතරතුර පැය කිහිපයක් සඳහා සුන්දර මාලදිවයින රාජ්‍යයේ නතරවෙමින් ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සදහා ද්වීපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට ලැබීම ගැන අතිශයින් සතුටට පත් වෙමි. එමෙන්ම රාජකාරී කටයුතු අතරතුර ලැබෙන සුළු විවේකයේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අදදින පැවැත්වෙන සාෆ් ශූරතා පාපන්දු තරගයද නැරඹීමටද මා බලාපොරොත්තු වෙමි”