ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය අහන්න! අගමැති ගුරු සංගම් වෙනුවට හෙද සංගමය හමුවෙලා!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්ණය පිළිබදව සාකච්ඡා කිරිමට අභයාරාම විහාරාදිපති, රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ සාකච්ඡාවක් සිදු කළ බව තම සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් පළ කර ඇත.

අදාල සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද සහභාගී වූ බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගී වූ බවත් පවසා ඇත.

මෙම සටහන ඔක්තෝබර් 11 වන දින පළ කර තිබුණි.

අගමැතිවරයා ගුරු විදුහල්පතිව නියෝජිතයන් හමු වූ බව සටහන් කර තිබුණත් ඔත්තෝබර් 11 වන දින උදෑසන ගුරු විදුහල්පතිවරුන්ගේ සංගම් අප වෙත පැවසුවේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධ ගැටළුව පිලිබඳව අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන්ට අද දින වෙන්කර තිබුණද, එම සාකච්ඡා කල්දමන්ට සිදුවන බව අගමැතිවරයා තම සංගම් වෙත දැනුම් දුන් බවය.

අගමැතිවරයා තම මුහුණු පොතේ සදහන් කර ඇති අයුරින් ගුරු විදුහල්පති සංගම් අද දින අගමැතිවරයා සමඟ සාකච්ඡා වක් පැවැත්වූවා දැයි අප ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් මහතාගෙන් විමසීමක් කල අතර ඒ මහතා පැවසූවේ අද දින ගුරු විදුහල්කිපතිවරුන් අගමැතිවරයා සමඟ සාකච්චාවකට සහභාගී නොවූ බවය.

අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඔක්තෝබර් 12 වන දින ගුරු විදුහල්පති සංගම් වෙත දින ලබා දී ඇති බවත් ඒ මහතා පැවසීය.

තවද ඒ මහතා පවසා සිටියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කිසිදු ගුරු විදුහල්පති සංගමයක සාමාජිකයෙකු නොවන බවත් තනතුරක් නොදරන බවත්ය.

එසේ නම් අගමැතිවරයා හෙද සංගමයක සභාපතිවරයා සමඟ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳව කුමක් කතා කරන්නේද යන්න ප්‍රශ්ණකාරීය.

අගමැතිවරයාගේ මුහුණු පොතේ සටහන