මහින්ද ගුරුවරුන්ට පොලු තියයි..

ඔක්තෝබර් 11 වන දින අගමැති මහින්ද රාජපක්ෂ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකාච්ඡාවක් කිරීමට ගුරු විදුහල්පතිවරුන්ට ආරාධනා කර තිබුණු අතර එම සාකච්ඡා හදිසියේ කල් දමා ඇත.

මේ පිළිබව අප කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් මහතා පැවසූවේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැන සාකච්ඡාව හදිසියේ කල් දැම්මේ ඇයි දැයි තම සංගම් නොදන්නා බවය.

මේ පිළිබදව මාධ්‍ය සාකාච්ඡාවක් පවත්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්ණය විසදිමට අධ්‍යාපන අමාත්‍යංශය ගත යුතු පියවර නොගන්නා බවය.