මාස 17 කට ගානක් හිරකරන් ඉන්න කවියාව අම්මාට පෙන්නලා තියෙන්නේ මිනිත්තු කිහිපයයි

අන්තවාදයට සහය දක්වමින් කවි ලිව්වා යැයි චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින ලේඛක අහ්නෆ් ජසීම්ව පළමු වරට ඔහුගේ මවට මිනිත්තු කිහිපයකට පෙන්වා ඇති බව වාර්තා වේ.

2020 මැයි මාසයේ දී අත් අඩංගුවට ගනු ලැබූ අහ්නාෆ් ජාසීම්ව මාස 17කට ආසන්න කාලයක් රැුදවුම් භාරයේ පසුවන අතර, අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඔහුගේ මවට පළමු වරට ඔක්තෝබර් 09 වන දින ඔහුගේ මවට පෙන්වා ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ දී අහනෆ්ගේ මවට ඔහුට බැලීමට අවසර ලබා දී ඇත.

අහ්නාෆ් ජාසීම් කවියෙකි. ඔහුගේ කවි ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ලියූ ඒවා ය. එහෙත් එම කවි වැරදියට අර්ථකතනය වී ඇති බවත්, ඔහු එම කවි හරහා අන්තවාදයට උදව් කරන බවට වැරදි මතයක ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර ඇත.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවා ගෙන සිටින අහ්නාෆ් ජාසීම් පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ද සිය අවධානය යොමු කර ඇත.

ඔහුට අමතරව, ප්‍රජාතත්ත්‍රවාදී සටන් වෙනුවෙන් පෙනී සිටි, අන්තවාදයට විරුද්ධව කටයුතු කළ නීතීඥ හිජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සිය විරෝධය ලංකා රජයට එල්ල කර ඇත.