පෝලීමේ ඉන්න එකද හොඳ?.. වැඩි මිලට බඩු ගන්න එකද?.. රෝහිත ලොජික්!

අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීමට හා මිල යම් ප්‍රමාණයක් වැඩි වූ භාණ්ඩ ලබා ගන්නවාද යන වර්ග දෙකෙන් හොධම එක කුමක් දැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මාධ්‍ය හමුවකදී පවසා තිබුණි.

ඔක්තෝබර් 09 වන දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු. මේ බව පවසා තිබුණි.

“අපි කිව්වෙ පෝළිමේ මිනිස්සු තියෙනවාද, එහෙම නැත්නම් භාණ්ඩ ටික ගෙනල්ලා සාමාන්‍ය මිලකට එහෙම නැත්නම් මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මිලකට – මිල ටිකක් හරි වැඩිකරලා මේක දෙනවාද කියන එක. ඉතිං හොඳ දේ මොකක්ද ? පෝළීමේ තිබ්බාම මොකද වෙන්නෙ ? පෝළිමේ තියන එකට හරී ආසයි විපක්ෂය. මොකද එතකොට කිසී ප්‍රශ්නයක් නෑ, හොඳට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්”