මහින්ද වෙනුවට! 100ක් එක්ක නාමල් ඉන්දියාවට!

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 100කට වැඩි පිරිසක් සමග ලබන 20 වැනිදා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ ඉන්දියාවේ කුෂිනගර්හි සිදුකෙරෙන නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා බව වාර්තා වේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අගමැති මහින්ද රාජපක්ෂ වෙත කර ඇති විශේෂ ආරාධනාවකට අනුවය. ඉන්දීය රජය ලබා දෙන විශේෂ ගුවන් යානයකින් නාමල් රාජපක්ෂ මහතා සහ භික්ෂූන් වහන්සේලා 100කට වැඩි ප්‍රමාණයක් එම උත්සවය සඳහා සහභාගී විමට නියමිතය.

මෙම සංචාරයට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන් සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වීමට නියමිතය.