පොහොරවල බැක්ටීරියා නැහැ!ලංකාව තමයි සමාගම තෝරා ගත්තේ!ලංකාවේ චීන තනාපති කාර්යාලය කියයි

චීනයේ කිංඩාවෝ සමාගමෙන් ආනයනය කරන ලද කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා වර්ග තිබෙන බවට පළවන වාර්තා එම සමාගම සහ කොළඹ චීන තානාපති කාර්යාලය ප‍්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඔක්තෝබර් 08 දින ටිව්ටර් පණිවිඩයක් මඟින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

බැක්ටීරියා අඩංගු බව කියමින් අදාල කාබනික පොහොර ප‍්‍රතික්ෂේප කිරීම කිංඩාවෝ සමාගමේ කීර්ති නාමයට විශාල හානියක් මෙන්ම එමගින් සමාගමට මූල්‍යමය පාඩුවක් ද සිදුව ඇති බවත් අදාල සමාගමෙන් පොහොර ආනයනය කළ යුතු යැයි තෝරා ගත්තේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශය බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

විද්‍යාවට සහ කරුණු වලට මෙන්ම ගිවිසුමේ ජීවගුණයට ගරු කිරීමේ ප්‍රතිපත්තිය මත චීන සමාගම සහ ශ්‍රී ලංකා. පාර්ශවය සහයෝලයෙන් කටයුතු කරනු ඇති බව බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ චීනය යන දෙපාර්ශවයේම යහපත වෙනුවෙන් සද්භාවයෙන් යුතු සංවාදය තුළින් වෙනස්කම් ආමන්ත්‍රණය කළ යුතු බව ඔවුන් සදහන් කර ඇත.

මෙම සමාගමෙන් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර සදහා ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව සහතික රැසක් හිමිකරගෙන සිටින සමාගමක් බවත්, යුරෝපීය රටවල් ඇතුළු රටවල් පනහකට ආසන්න ප‍්‍රමාණයකට තමන් නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර අපනයනය කරනු ලබන බවත් නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන්ම කිංඩාවෝ සමාගමේ ශාකා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ ද ඇති බවත් ඔවුන් සදහන් කර ඇත.

මෙම සමාගමේ කාබනික පොහොර තොගය සෙල්සියස් අංශක 600 ක උෂ්ණත්වයකට ලක් කර සියළු ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර තිබෙන බවත් නිවේදනයේ සදහන් කර ඇත.