නිදහසට කරුණු කියන්නේ නැහැ! එක නීතියක්.. එක රටක්! දූෂණයෙන් තොරව ඉදිරියට යන්න ජනතාවගෙන් සහය ඉල්ලයි!

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම ජනාධිපතිවරයා කර ඇත්තේ ඔක්තෝබර් 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය සහභාගී වෙමිනි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්ක් වුණු නමුත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇති බවත් ඒ මහතා පවසා ඇත.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවත්

දූෂණයට, වංචාවට ඉඩ නො තබන බවත් ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මෙරට ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේදී සහ එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක් වු බවත් ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

නැවතත් මෙරට තුළ ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නො වන ආකාරයෙන් රට ආරක්ෂා කර ගැනීමට කැපවී සිටින බවත් ඒ මහතා පවසා තිබුණි.