ඉන්දියාවෙන් හා බුරුමයෙන් හාල් මෙට්‍රික්ටොන් ලක්ෂයක්! සරුසාර හෙටක්!

සහල් පිටරටින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පොන්නි සම්බා මෙට්‍රික්ටොන්  ලක්ෂය ඉන්දියාවෙන් හා බුරුමයෙන් ආනයනයට වෙළඳ අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන්  ඉදිරි දින දහය තුළ ඉන්දියාවෙන් සහල් මෙට්‍ර්ක්ටොන්  50,000ක් ගෙන්වීමට නියමිතව ඇත. ඉන්පසුව තවත් සහල් මෙට්‍ර්ක්ටොන්  50,000ක් බුරුමයෙන් ගෙන්වීමට නියමිතය.මෙම සහල් ආනයනයේදී වැය වන මුදල දින අනූවක් ඇතුළත එම රටවල්වලට ගෙවීමට එකඟ වී ඇත.

කෙසේ වෙතත් මෙලෙස ආනයනය කරන සහල් කිලෝවක් රුපියල් 100 ට අඩුවෙන් ලබා දීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර ඇත.