අක්කර 7ක් වූ කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ රුපියල් මිලියන 40 ක් වැය කරමින් තණ පිඩලි ඇතිරීමට ආරම්භ කර ඇත.
මේ පිළිබඳව සාමාජ මාධ්‍ය හරහා කතිකාවක්ද මේ වන විට ආරම්භ වී ඇත. මේ වන විටත් ජාතික කෞතුකාගාර භුමියේ තණපිඩලි අල්ලා තිබෙන නමුත් අලුත් ව්‍යාපෘතියක් විදියට අලුතින්ම තණපිඩලි ඇල්ලීම ගැටළු සහගතය.
කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවට පිළිගෙන ඇත.ඒ මහතා වැඩිදුර අදහස් දක්වමින් පවසා. ඇත්තේ මෙවැනි ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ මුදල් වෙනත් කිසිදු කටයුත්තකට යොදාගත නොහැකි බවය.
කෞතුකාගාරය සංචාරකයින් සඳහා ආකර්ෂණීය ස්ථානයක් බැවින් එය සිත්ඇදගන්නා සුලු මට්ටමේ පවත්වාගෙන යා යුතු බවත් ඒ මහතා පවසා ඇත..
මෙතෙක් කෞතුකාගාර පරිශ්‍රයේ ඇති තණ පිඩලි ආශ්‍රිතව ජලය එකතුවී මඩ වී, අපවිත්‍ර වී ඇති බැවින් මෙලෙස අලුතින් තණ පිඩලි ඇල්ලීමට තීරණය කළ බවත්, අදියර 2ක් යටතේ මෙම තටයුතු සිදුවන බවත් ඒ මහතා පවසා ඇත.