මේක ජෝක් එකක්- ඩයනා ගමගේ කියයි!

තමා ව සමගි ජන ජනබලවේගයෙන් ඉවත් කරනවා යැයි කීම” ජෝක් ” බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ලංකාදීපයට පවසා ඇත.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය ඒකාධිපතිත්වය කරා ගෙන ගොස් ඇති බවත් සමගි ජන බලවේගය කෑලි කෑලි වලට කැඩී ගොස් ඇති මොහොතේ තමාට විනය පියවර ගැනීමට කතා කිරීම විහිළුවට කාරණයක් බවත් ඇය පවසා ඇත.

පක්ෂයේ අයිතිකරුවන් වූ තමාට විනය පියවර ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඩයනා ගමගේ මහත්මිය මේ විහිළු නවතා දැන්වත් විපක්ෂයේ කාර්යභාරය හරියට කරන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කර ඇත.

ඩයනා මහත්මියව සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඔක්තෝබර් 07 වෙනි දින පවසා තිබුණි.

ඒ මහතා පවසා තිබුණේ සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹිය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව තම ඡන්දය ලබා දිම නිසා මේ ආකාරයෙන් ඇගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබුණි.