විමල්ලා ආණ්ඩුව ප්‍රශ්න කරනවාලු!

ඔක්තෝබර් 07 වෙනිදා පවත්වන්න නියමිත විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ ප්‍රශ්න කරන්න ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීන්දු කරලා තියෙනවාලු.

මේ විදියට ආණ්ඩුවේ වැඩපිළිවෙළ ප්‍රශ්න කරන්න තිරණයකට ඇවිත් තියෙන්නේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේ ඔක්තෝබර් 06 වෙනිදා පවත්වපු රැස්වීමේදීලු.

බඩු මිල ඉහළ යාම, පොහොර ප්‍රශ්නය, යුගදනවි බලාගාරය අමෙරිකාවට පවරා දීම, ත්‍රිකුණාමල තෙල් ටැංකි ප්‍රශ්නය සහ ගුරු වැටුප් ප්‍රශ්න ගැන අහන්න ඒ සාකච්ඡාවේදී තීරණය කරලා තියෙනවාලු.

අද සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ විශේෂ කැබිනට් සාකච්ජාව පැවැත්වෙනවා.