පහන්තුඩාවේ වීඩියෝව නිර්මාණය කළ යුවළට මාස තුනක සිරදඩුවම්

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් ලිංගික දර්ශණ ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ  යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කර ඇත.

ඔක්තෝබර් 01 වන දින බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක  එම නියෝගය ලබා දී තිබුණු අතර එම සිර දඩුවම වසර හතකට අත්හිටවූ සිරදඩුවමක්ය.

මෙලෙස අත්හිටවූ සිරදඩුවම් සහ දඩ නියම වූයේ, ඇල්පිටියේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක සහ මහරගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් අදාළ යුවළ සැප්තැම්බර් මස 03 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණු අතර  ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැරි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අදාළ පුද්ගලයාට කොව්ඩ් 19 වෛරසය වැලධි තිබුණු තිසාත් එම කාන්තාව ඔහුගේ පළමුපෙලේ ආශ්‍රිතයෙකු වීම නිසාය.

මෙම සැකකරුවන් දෙදෙනා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකරමින් වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් සැකකරුවන්ට දඩ සහ අත්හිටපු සිරදඩුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත්  කර තිබුණේ පස්සරමුල්ලේ දයාවංශ හිමියන්ය.