යුගදනවි ගැන කතා කරන්න හවුල්කාර පක්ෂ රැස් වෙයි!

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබදව සාකච්ඡා කිරීම සඳහා අණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයෝ ඔක්තෝබර් 05 දින රැස්වීමට නියමිතය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල , ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ,ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු සහ අතුරලියේ රතන හිමි එම සාකාච්ඡාවට පැමිණිමට නියමිතය.

මෙම පිරිස යුගය දනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහතා ද හමුවිය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට පිරිස තිරණය කර තිබුණු නමුත් ජනාධිපතිවරයා රට තුළ නොසිටි නිසා එම සාකච්ඡාව පැවැත්වීමට නොහැකි විය.