නිරූපන ශිල්පිනී චූලා සීඅයිඩියට ගෙන්වා මාධ්‍යවේදියෙක් ගැන ප්‍රශ්න කරයි! 

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව කැදවා මාධ්‍යවේදි කීර්ති රත්නායකව තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ බව නිරූපන ශිල්පිනී චුලා පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පවසා ඇත.

ඔක්තෝබර් 02 දින උදෑසන 9.30 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇයව කැඳවා තිබුණි.

චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පවසන්නේ ආන්දෝලනාත්මක Mrs. Srilanka තරඟාවලියේ අවසන් වටයේදී ඔටුන්න ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම පිළිබදව විස්තර දැනගැනීම සඳහා එම කීර්ති රත්නායක තමන්ට දුරකතන ඇමතුම් ලබා දී අදාළ සිද්ධිය පිළිබදව විමසීම කළ බවය.

ඔහු පමණක් නොව එම කාලය තුළ දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් තමන් හට දුරකතනයෙන් කතාබහ කළ බවත් ඔවුන්ව කිසිසේත් පෞද්ගලිකව නොහදුනන බවත් ඇය පවසා ඇත.

ලංකා ඊ නිව්ස් ෙවබ් අඩවියෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ රත්නායක මහහහ තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති හෙයින් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කීර්ති රත්නායක මහතා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණු නිසාය.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය කීර්ති රත්නායක මහතා එම පොලිසියට කැඳවා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන එම කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබිණ.

පසුව පොලිස් අධිකාරීවරයකුගෙන් ලබා ගත් පැය 72ක රැඳවුම් නියෝග යටතේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙනද ඇත.