ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදුලූණු කිලෝග්‍රෑම් 54,860- ක් සහිත කන්ටේනර් දෙකක් විකිණීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් දෙදෙනා ලබන 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත.
ඔක්තෝබර් 01 දි අදාළ නියෝගය ලබා තිබුණු අතර මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධිකරණ අංශයේ උප පොලිස් පරික්ෂක සරත් කුමාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශනය අපරාධ පරිකෂණ දෙපාර්ත්මේන්තුවට භාර දෙන ලෙසට පොලිස්පතිවරයා නියම කර ඇති බවය.
ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ උදෘත සහිත ගොනුව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවට භාරදෙනු ලබන බව පැලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබුණි.
තවද සිදු කළ විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
තවද රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදුලූණූ කිලෝ 54,860- ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාපරාධී විශ්වාසය කඩ කළැයි ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිර පෙරේරා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර ඇත.