වසරේ මා. හිමිකම් කඩපු සවුත්තුම රටවල් 45 අතරට ලංකාව!හොඳටම කොරපු එකක් එ.ජා. වාර්තාවෙන් එළියට! (PDF)

එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ඉදිරිපත් කරපු වසරේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙහි සඳහන් වෙන, වැඩිම මානව හිමිකම් කඩපු රටවල් 45ක ලැයිස්තුවට ඇතුළත් වෙන්න ශ්‍රී ලංකාවත් සමත් වෙලා.

මෙම වාර්තාව මහා සමුළුවේ න්‍යායපත්‍රයේ ඇතුළත් ලියවිල්ලක්. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන ලද මෙය, එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එකතු වී සකස් කරන ලද්දක්. මෙය ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් ඉල්ස් බ්‍රෑන්ඩ් කෙරිස්.

බෙලරුසය, බුරුන්ඩි, කාම්බෝජය, චීනය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඊශ්‍රායලය, මියන්මාරය, නිකරගුවාව, දකුණු සුඩානය, සවුදි අරාබිය, යේමනය, ටර්ක්මෙකිස්ථානය, ටැන්සානියාව ආදී මානව හිමිකම් කඩන සවුත්තුම රටවල් අතරට අපේ රටත් ‘අභිමානයෙන්’ එකතු කරලා.

හොඳටම කොරලා.

එම වාර්තාවේ 110-112 වගන්ති ශ්‍රී ලංකාව ගැන සඳහන් ඒවා. දළ වශයෙන් එහි තිබුණේ මෙහෙම.

‘මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය 2021 පෙබරවාරි 9 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට දාපු වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනා. මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කරන්න සහයෝගය දුන් අය ඇතුළුව සිවිල් සංවිධාන, මානව හිමිකම් ආරක්ෂකයන් සහ වින්දිතයන් දැඩි ලෙස ආවේක්ෂණයට ලක් කිරීම් සහ හිරිහැරයට ලක් කිරීම් පහුගිය අවුරුද්දේ වැඩි වශයෙන් වාර්තා වෙලා.

රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීම සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට හිරිහැර කිරීම ඇතුළු ආදිය නවත්වන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලලා තියෙනවා. නීතිඥයන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් සහ මානව හමිකම් උල්ලංඝනයන්ට ගොදුරු වූ අය සහ ඔහුගේ පවුලේ සහ නිත්‍යානුකූල සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට සාධාරණය ඉටු කිරීම ප්‍රමාද වෙමින් පවතිනවා.’

හීනමානෙං පිරිච්ච සමහරුන් කියන්නේ ඔය ආයතන ලංකාව ගැන ‘විතරක්’ හොයන බව. ඒත්, ලෝකෙ මහා ප්‍රාග්ධනයක් වියදම් කරගෙන පවත්වගෙන යන ආයතනවලට මේ චුට්ටි රට ගැන ‘විතරක්’ හොයන්න කැහිල්ලක් නෑ.

එයාලා කියන හැටියට බටහිරට හිතවත් රටවල්වලට මානව හිමිකම් චෝදනා නැහැලු. ඊශ්‍රායලයේ වගේ රටවල සිද්ධවෙන දේවල් පේන්නේ නැහැලු. ඒත්, ඒවා බොරු බව මේ වාර්තාවෙන් තහවුරුයි.

වාර්තාවේ 78 සිට 81 දක්වා වගන්තිවල ඊශ්‍රායලය ගැන සඳහන්.

ඊට අමතරව ඉන්දියාව බටහිර රටවල්වලට හිතවත්, චීන විරෝධී රටක් වුව ඉන්දියාවට එරෙහි කරුණුත් මේ වාර්තාවේ සඳහන්. උක්ත රටවල් 45 ඇතුළේ ඉන්දියාව, ඊශ්‍රායලය වැනි රටවල් පවා තිබෙනවා.