සතොසේ සුදුළුණු ගැන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්ණ කරන්න යයි! මහින්ද මැදිහත් වෙයි!

සතොස ආයතනය තුළ සිදුව ඇති බව කියන සුදුළූණු වංචාව සම්බන්ධයෙන් පුවත්පත්වල වාර්තා කළ මාධ්‍යවේදීන් සහ පුවත්පත් කර්තෘවරුන් කිහිපදෙනකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අදාළ සිදුවීම පිළිබදව මාධ්‍ය වාර්තා පළකිරීම මුල්කරගෙනය.

කෙසේවෙතත් මේ පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග අගමැති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම නවත්වා ඇත.

එමෙන්ම සැප්තැම්බර් 28 දින ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාද මේ පිළිබඳව සිය කනගාටුව පළ කොට තිබිණ.