මහින්දගෙන් විමල්ලාට ඇනුම් පදයක්! යනවා නම් යන්නලු!

වත්මන් ආණ්ඩුවට එක්වී සිටින සුළු දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් තිබේ නම් ඕනෑම මොහොතක ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ දිවයින පුවත්පතට පවසා ඇත.

සැප්තැම්බර් 27 වැනි දින ඔහු මේ බව පවසා ඇත.

ඔවුන්ට එසේ යෑමට අවශ්‍ය නම් බලහත්කායෙන් රඳවා ගැනීමට තමන්ට කිසි ලෙස අවශ්‍ය නොවන බවත් කොයි කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැති බවත් ඒ මහතා පවසා ඇත.

සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි සිහින මවන්නේ විපක්‍ෂයත් විපක්‍ෂයේ සමහරු සෑම විටම අසුබවාදී ලෙස ආණ්ඩුවේ වැඩකටයුතු ගැන සෙවිල්ලෙන් පසු වන බවත් ඔහු පවසා ඇත.