කොළඔ මහ නගර සීමාව ඇතුළත ලියාපදිංචි නොකළ දේපළ 68,000කට අධික ප්‍රමාණයක් ඇති බව කොළඔ නගර සභාව නිකුත් කර ඇති වාර්තාවක දක්වා ඇත.
එම තොරතුරු ලේඛනය http://www.colombo.mc.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.
කොළඔ මහානගර සභාවේ වරිපනම් ලේඛනයේ මෙතෙක් අයිතිය ලියාපදිංචි කර නොමැති දේපළවල හිමිකාරීත්වය දරණ අයිතිකරුවන් තම දේපළවල හිමිකම තහවුරු කරගැනීම අනිවාර්ය බව කොළඹ මහනගර සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.
ඒ අනුව ලියාපදිංචි නොකළ දේපළ 2021 නොවැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංවිය සිදුකර ගැනීම අනිවාර්ය බවත්, 2022 වරිපනම් ගෙවීමේ ලදුපත් හිමිකරුගේ නමින් නිකුත් කිරීම් සඳහා මෙම ලියාපදිංචිය අනිවාර්ය බවත් එහිදී සඳහන් කර තිබුණි.