පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධෘරීන් පිරිසක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට සැප්තැම්බර් 28 දින උදෑසන පැමිණ ඇති බව ලංකාදීප වාර්තා කර ඇත.
අදාල නිලධාරීන් පැමිණලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහකා හමුවී ඇත. ඒ මහතා අදාල නිලධාරීන්ට පවසා ඇත්තේ අදාල ලිපි සහ ප්‍රවෘත්ති පිළීබඳව මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවය. ඉන්පසුව එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේම පිටව ඇත.
එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිටව ගියේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දීමෙන් පසුව බවත් ලංකාදීප වාර්තා කර ඇත.