අකමැත්තෙන් වුනත් හාල් පිටරටින් ගේන්න වෙනවා..

අකමැත්තෙන් වූවත් පිටරටින් හාල් ආනයනය කරන්න සිදු වෙන බවත් ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ම තීන්දුව කැබිනට් මණ්ඩලය කැමැත්තේ ගත් තීරණයක් නොවන බවත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන පවසා ඇත.

සැප්තැම්බර් 28 දින කොළඔදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා ඇත.

‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියට පත්වුණාට පස්සේ සහල් පිටරටින් ගේන්න අවශ්‍යතාවය තිබුණත් සහල් ගේන එක නැවැත්තුවා. අපි බැලුවේ ගොවියාට සහ ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන ආකාරයට මේ කටයුතු නිම වෙයි කියලා.’

‘ජනාධිපතිතුමා සත්භාවයෙන් මේ රටේ ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අපි ආණ්ඩුව ගන්න විට වී කිලෝ එක්ක සහතික මිල රුපියල් 32 යි. අපි මේක 55 ක් බවට පත් කළා. ගොවියා, මොල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්වයක් ඇති කරන්න උත්සහ කළාට එය බැරි වුණා.’

‘ඒ නිසා රජයට සිද්ධවෙලා තිබෙනවා හාල් මෙක්ට්‍රින්ටොන් ලක්ෂයක් ගේන්න. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. කොච්චර පිටරටින් ගෙනාවත්, හාල් මිල බැස්සත්, රජය සහතික මිලට අනුව වී රුපියල් 55ට ගන්නවා කියලා අපි කියනවා.’