බයිඩන් තුන්වෙනි එන්නත ගනියි!

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඔහුට ලබා ගැනීමට නියමිත තුන්වන කෝවිඩ් බූස්ටර් එන්නත සැප්තැම්බර් 28 දින ලබා ගෙන ඇත.

ඇමරිකානු පුරවැසියන්ව කෝවීඩ් මර්ධන එන්නත ලබා ගැනීමට පෙළඹවීම පිණිස ජනාධිපතිවරයා එම අවස්ථාව සජීවීව විකාශය කිරීමටද පියවර ගෙන තිබුණී.

එමෙන්ම බයිඩන් ජනාධිපතිවරයා පළමු එන්නත සහ දෙවන එන්නත ලබා ගත්තේද සියලුම රටවැසියන්ට පෙනෙන ආකාරයට ප්‍රසිද්ධියේය.

ලොව බොහෝ රටවල නායකයන් මේ ආකාරයට සිය රටවැසියන්ට පෙනෙන පරිදි එන්නත ලබා ගැනීමට පියවර ගෙන තිබුණු නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කුමන කුමන කෝවිඩ් එන්නත ලබා ගත්තාද හෝ කෝවිඩ් එන්නත ලබා ගත්තාද නැද්ද යන්න රටේ පුරවැසියන් දන්නේ නැත.