ආණ්ඩු පක්ෂයේ සමහර පිරිස් කියන විදියට කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරය පිළිබඳ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලේ නැතැයි කියන ප්‍රකාශය “සම්පූර්ණ බොරුවක්” බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසලා.
ඒ ගිවිසුම ගැන තොරතුරු කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා, ඒක ඉදිරිපත් කරලා ඉන්පසුව ඊට අත්සන් තැබූ බව ඔහු කියලා.
“LNG එක ගෙනාපු එක දීපු ගැන පැහැදිලිව කැබිනට එකට කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. කැබිනට් එකට ගෙනාපු ඒ පත්‍රිකාවට සියලු දෙනාම එකඟ වුණා. ජනාධිපතිතුමා මේකේ තියන ආර්ථික වටිනාකමත් රටේ අවශ්‍යතාවයත් පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලාවේ කව්රුවත් කතා කළේ නැහැ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා”
මුලාශ්‍ර – මව්රට