යුගදනවි බලාගාරය ගැන තීන්දුව ඩලස් අලහපෙරුම ඇමතිවරයාව හිටපු කාලයේදී මීට වඩා වෙනස් විදියට තමයි කරන්න හිටියේ. මේ බලාගාරය ගැන ඇමෙරිකාවෙන් ආපු ස්වෙච්ඡා යෝජනාව නැවත විවෘත මිල කැඳවීම්වලට ඔහු යොමු කළා. ඊට පස්සේ කොරියානු සහ චීන සමාගම් දෙකක් ඒ ව්‍යාපෘතියට මිල ගණන් ඉදිරිපත් කළාලු. ඒත් නොහිතපු විදියට ඒ විවෘත මිල ගණන් වැඩේ කෙරුණේ නැහැ. ඒ වෙනුවට ඩලස් අලහපෙරුමට ගෙදර යන්න වුණා. ගාමිණී ලොකුගේ බලශක්ති ඇමති වුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ තනතුරක හිටපු ෆර්ඩිනැන්ඩු නැවත අමාත්‍යාංශ ලේකම් වුණා.
මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ සූම් එකෙන් පවත්වන කැබිනට් රැස්වීමෙන් සමහර ඇමතිවරුන් ලීව් වුණාට පස්සේ.
ඒ කියන්නේ මෙහෙමයි. කැබිනට් සාකච්ඡාවක් පවත්වන හැම වෙලාවේම කලින් න්‍යායපත්‍රයක් ඉදිරිපත් කරනවා. දවසට නියමිත කරුණු කලින් දානවා. ඊට පස්සේ න්‍යායපත්‍රයේ තියෙන දේවල් කතාබහ කරනවා. නිල වශයෙන් කැබිනට් අනුමැතිය දීම, නොදීම වගේ.
ඒකෙන් පස්සේ එදිනෙදා දේවල් කතාකරන්න පටන් ගන්නවා. සමහර ඇමතිවරුන් වෙන රාජකාරියක් තිබුණොත් ඒ වෙනත් දේවල් කතා කරන්න කලින් යනවා. විශේෂයෙන් සූම් නිසා ලීව් වෙනවා. තවත් සමහරුන් සූම් එක ඔන් එකේ තිබියදී කැමරාව ඕෆ් කරගෙන කැබිනට් සාකච්ඡාවට බාගෙට ඇහුම්කන්දීගෙන තමන්ගෙ වෙනත් වැඩක් කරනවාලු. මොකද, මෙතැන තියෙන්නේ සාමාන්‍ය පාලකයන් ටික එදිනෙදා කතාබහකට යොමු වීමක් වගේ.
ඒත්, ඒ මොහොතෙ තමයි තව කැබිනට් පේපර් එකක් තියෙනවා කියලා බැසිල් රාජපක්ෂ රටේ තීරණාත්මක බලශක්ති ගනුදෙනුවක් ගැන මේ කියන කැබිනට් පත්‍රිකාව ගැන කියා තිබුණේ. කලින් පේපර් එක ඉදිරිපත් කරලත් නෙවෙයි. මේ පත්‍රිකාව ඉදිරිපත් කරන්න කියලා කැබිනට් ලේකම්වරයාට කීවාම, ඔහු කීවාලු රැස්වීමට ඉඳගන්නකොට තමයි පත්‍රිකාව ලැබුණේ. ඒ නිසා ඔබතුමාම දාන්න කියලා. ඒ පාර බැසිල් රාජපක්ෂ පත්‍රිකාවේ තියෙන දේවල් කියෙව්වාලු.
සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් අනුමත කරන්න කලින් හැම ඇමතිටම ලැබෙනවා. එක්කෝ කලින් කැබිනට් සාකච්ඡාවකට දාලා සාකච්ඡා කරන්න කාලය දීලා ඊට පස්සේ පබ්ලිෂ් කරනවා. නැත්නම් කලින් ෆයිල් එක ලැබෙන්න සලස්සනවා. අඩු තරමේ තීන්දුව ගන්න දවසේ උදේ වුණත්.
ඒත් මේ ගිවිසුමේදී බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවා කැබිනට් පේපර් එක කලින් දැකලා තිබුණේ නැහැලු. විෂයභාර ඇමති ගාමිණී ලොකුගේවත් ඒක දැක්කද කියලා හිතාගන්න බැහැ.
කොහොමහරි උදය ගම්මන්පිල ඇමතිවරයා මේ ගැන අධ්‍යන කරන්න සතියක දෙකක කාලයක් දෙන්න කියලා ඉල්ලුවාලු. ඒකට මැදිහත් වුණා කියන්නේ කවුද? වෙන කවුරුත් නෙවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා.
ආයෙත් කියන්නම්. බැසිල් නෙවෙයි. ගෝඨාභය.
‘බෑ බෑ. ඕගොල්ලො කියන විදියට මේක කල් අරින්න බෑ. මේක අදම ඉවරයක් කරලා දාන්න ඕනෑ’ කිව්වාලු. ‘බැසිල්ට ඉක්මනින් මුදල් ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අදම මේක අනුමත කරන්න.’ කීවාලු.
මේ කැබිනට් හමුවට ටික දවසකට කලින් බැසිල් රාජපක්ෂ මහතාට ඇමෙරිකන් තානාපතිනියව මුණගැහිලාත් සාකච්ඡා කළාලු.
කැබිනට් හමුවේදී වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ කිව්වාලු ඒකට විරුද්ධයි, සමහර වගන්ති රටට අහිතකරයි කියලා. තවත් සාකච්ඡා කරන්න ඕනෑ කිව්වාලු. ඒත්, බැසිල් එක්ක සාකච්ඡාවක් කරනවා කියලා එකඟ වුණා විතරයිලු.
ඒ සාකච්ඡාව වෙනුවෙන් අත්සන් කරන්න කලින් දවසේ, ඒ කියන්නේ සිකුරාදා රැස් වුණාලු. ඒ කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවට යන්න කලින්. මුදල් අමාත්‍යාංශයේ තිබුණ මේ සාච්ඡාවට ගාමිණී ලොකුගේ සහ දුමින්ද දිසානායක කියන විෂයට අදාල ඇමතිවරුන් ඇවිල්ලා හිටියේ නැහැලු. කොහොමහරි බැසිල් රාජපක්ෂ මහතා කීවාලු මේ ගිවිසුමෙන් ඩොලර් මිලියන 230ක් රටට ලැබෙන්න නියමිතයි කියලා. මේක රටට හිතකර ගිවිසුමක් බවත් කිවාලු.
ඒත් විමල් වීරවංශලා කීවේ මේ ගිවිසුම ගැන කතා කරලා සමහර වගන්ති වෙනස් කරන්න ඕනෑ කියලා. ඒත්, කිසි එකඟතාවයක් නැතිව සාකච්ඡාව ඉවර වෙලා.
පාවාදීම වුණේ පහුවදා. ඔය කතා කරන වෙලාව වෙද්දීත් ලංකාවට ගිවිසුම අත්සන් කරන්න කට්ටිය ඇමෙරිකාවෙන් ඇවිල්ලාලු හිටියේ. ඒ කියන්නේ විමල්ලාගෙන්, වාසුලාගෙන් පවා ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්න බව හංගලා.
ඊට පස්සේ මහ රෑ දොළහයි ගාණකට ගිවිසුම අත්සන් කළා. ඇමෙරිකාවෙන් ආපු කණ්ඩායම පහුවදා පාන්දරම පිටවෙලා ගියාලු.
ඒකෙනුත් පස්සේ තමයි සඳුදා අර විමල් පිලේ කණ්ඩායම කොමියුනිස්ට් පක්ෂයේ ඔෆිස් එකේදී හම්බවෙලා තිබුණේ. ඒ වෙලාවේ මේ ගිවිසුමට විරුද්ධයි කියලා පක්ෂ 10ක කණ්ඩායම ලියුමක් අත්සන් කරන්න එකඟ වුණාලු.
ඒකෙනුත් පස්සේ අඟහරුවාදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී තව සාකච්ඡාවක් තිබුණාලු. මෛත්‍රීපාල, දයාසිරි, ලසන්ත අලගියවන්න, අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු අය හිටියාලු. වාසුදේව, වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ඩොක්ටර් ජී. වීරසිංහ, රතන හිමි ඇතුළු පිරිසකුත් එතැන හිටියාලු.
ඒත් මෛත්‍රීපාල සිරිසේන මහතාට කැරලිකාරී තීන්දු ගන්න කොන්දක් තිබුණේ නැති බව තමයි සමහර වාර්තාවල කියන්නේ. ජනාධිපතිවරයා ලංකාවට එන්න සතියක් විතර යනවා. ඒ වෙනතුරු මාධ්‍ය ඉස්සරහට ප්‍රශ්නය ගෙනියන්න එපා කියලා කිව්වාලු.
අඟහරුවාදා හවස 3.30ට විතර ශ්‍රී ලංකා එකේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකුත් තිබුණේ විමල්ලාට සපෝට් කරනවාද, ආණ්ඩුවට සපෝට් කරනවාද කියලා තීන්දුවක් ගන්නලු. මේකෙදී ලසන්ත අලගියවන්න කියා තිබුණේ ආණ්ඩුව එක්ක ඉන්න ඕනෑ බව.
‘මේකෙදී අපි තීන්දු කරන්න ඒනෑ මේ පක්ෂ 10 එක්ක ඉන්නවාද, නැත්නම් ආණ්ඩුව එක්ක ඉන්නවාද කියලා. මම මේකට විරුද්ධයි. අපි ඉන්න ඕනෑ පොහොට්ටුව එක්ක. අපට මේ සුළු පක්ෂ එක්ක ගිහින් හැමදේටම විරුද්ධ වෙන්න බෑ.’ ලසන්ත අලගියවන්න කීවාලු. ඒ මදිවාට නිමල් සිරිපාල බොරුවකුත් කීවාලු, එයාගේ අතට කැබිනට් පේපර් එක කලින් ලැබුණ බවක්.
ඒත් දයාසිරි ජයසේකර කිව්වාලු ආණ්ඩුව එක්ක ඉන්නවා කියලා වැරදි දේවල්වලට අත උස්සන්න බැරි බව. මිනිස්සුන්ගෙන් දෝෂාරෝපණයට ලක් වෙන බව. ඒ වගේම නිමල්ට විවේචනය කරලා තිබුණා බොරු කියන්න එපා, අමරවීරගේ අතටත් පේපර් එක ලැබිලා තිබුණේ නෑ කියලා. ඒ වෙලාවේ හිටපු විදුලිබල ඇමති කෙනෙක් වන රංජිත් සියඹලාපිටියත් කීවාලු මේ විදියට මීට කලින් කවදාවත් කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය අරන් නෑ කියලා.
කොහොමහරි මේ ගැන අගමැති මහින්දයි, බැසිල් රාජපක්ෂයි එක්ක තව සාකච්ඡාවක් තිබුණාලු. ඒ 23 වැනි බ්‍රහස්පතින්දා. ඒ සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේනයි, විමල් පිළේ කට්ටියයි ඇවිත් හිටියාලු. ආණ්ඩුව පැත්තෙන් බැසිල්, ජොන්ස්ටන්, සාගර තුන්දෙනා ඇවිත් හිටියාලු.
මේ සාකච්ඡාවෙන් පස්සේ තමයි සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධියේ කීවේ විමල් පිලෙන් විරෝධයක් ආවේ නැති බව. මේකෙදීත් බැසිල් රාජපක්ෂ මහතා කියා තිබුණේ ගිවිසුම රටට වාසියි, ලංකාවට ඩොලර් එනවා ආදී කතා.
කොහොමහරි මේක මූලික එකඟතා ගිවිසුමක් විතරක් වන නිසා ජනාධිපතිවරයා ආවාම කතා කරන්න ඕනැ බව කියා තියෙනවා. ඒත් පේන විදියට මේ වෙද්දී තියෙන තත්වය තමයි ගිවිසුම සම්පූර්ණයෙන් අහෝසි කරනවා වෙනුවට ‘අහිතකර වගන්ති ඉවත් කරනවා’ කියලා එකක්. ඒ කියන්නේ විමල්ලා දන්නවා කොහොම කීවත් මේක වෙනස් නොකරන බව. ඒ නිසා, ‘අහිතකර වගන්ති වෙනස් කළා’ කියලා තමන්ගෙත් ජාමෙ බේරෙන එකඟතාවකට එන්න ඉඩ තියෙන බව තමයි පේන්නේ.
අන්න ඒ නිසා තමයි සාගර කාරියවසම් කියා තිබුණේ ගිවිසුමට කවුරුත් විරුද්ධ වුණේ නෑ කියලා. ඔව්! දැන් පේන හැටියට ගිවිසුමට විරුද්ධ නෑ. ඒකේ තියෙන ‘වගන්තිවලට’ තමයි විරුද්ධ.
කොහොම නමුත් දැන් එයාලාට කියලා තියෙන්නේ ජනාධිපතිතුමා රට ඉඳන් ආවාම අන්තිම තීන්දුව ගන්න බව. සමහරුන් කියන විදියට මේ ගිවිසුමේ අකුරක්වත් වෙනස් කරන්න ආණ්ඩුව ලෑස්ති නෑ. ගන්න තීන්දුවක් දැන්ම ගන්න කියලා ආණ්ඩුව පැත්තෙන් කියාවිලු.
මීට අමතරව ශ්‍රී ලංකා එකේ මතය වෙනස් කරන්න සාකච්ඡාවක් දාගෙන තිබුණා 24 සෙනසුරාදා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ගෙදර. මුදල් ඇමති බැසිල්ගේ සහභාගීත්වයෙන්. ඒත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් නොආ නිසා ඒක අසාර්ථක වෙලා.
ඒ අනුව මේක විමල්ලාගේ වගේම මෛත්‍රීපාලලාගේ කැරළිකාර වෙස් මූණ ගැලවෙන තීරණාත්මක අවස්ථාව වේවි.
මේකේ තව දෙයක් තියෙනවා. විමල් වීරවංශලා මොන මගුල කීවත් මේ ගිවිසුමට විරුද්ධ ලොකු සටනක් දැනටමත් සූදානම්. රට විවෘත කරපු ගමන් ඒ සටන පටන්ගනීවි. වෘත්තිය සමිති, ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ, සමගි ජන බලවේගය වගේ කණ්ඩායම් මේ ගිවිසුමට විරුද්ධව සටන් කරයි.