පරාක්‍රම සමුද්‍රයේ ඉදිකරමින් පවතින ඇවිදින මංතීරු සංවර්ධනය නිසා ඇති වී ඇති වල් අලි තර්ජනයට විසඳුම් දෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව ජනතාව සැප්තැම්බර් 26 දින විරෝධතාවයක නිරත වි ඇත.
ඔවුන් ඉල්ලා ඇත්තේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා ඉවත් කළ අලිවැට නැවත සකස් කරන ලෙසය.
ඇවිදින මංතීරුව වෙනුවෙන් අලි වැට ඉවත් කිරිමෙන් පසු මීට පෙර වන අලි නොපැමිණි ගම්වලට ද දැන් අලි පැමිණෙමින් ඇති බව ඔවුන් පවසයි.
”අලි ඇවිල්ලා විනාශ කරනකොට අපි මොනවාද කරන්නේ මංතීරු අපිට වැඩක් නැහැ. අපේ දරුවන්ගේ ජීවත බේරාගන්න ඕනේ අපි ජිවත්වෙලා ඉන්න ඕනේ. මංතීරු වැඩක් නැහැ තිබ්බ විදියට අපිට අලිවැට දාලා දෙන්න”
”අලිවැට ගැලෙව්වාට පස්සේ දැන් ගමට අලි ඇවිල්ලා විනාශ කරනවා කොයිම වෙලාවේ හරි ජිවිතත් අහිමි වෙනවා මිනිස්සුන්ගේ ඒ තරම් භයානක තත්ත්වයක් තියෙන්නේ. ඒ හින්දා කරුණාකරලා අපි රජයෙන් ඉල්ලන්නේ අලිවැට ආපහු දෙන්න කියලා ඉක්මනට”
”ඒ ගොල්ලොන්ගේ බලාපොරාත්තුව තියෙන්නේ මේ රලපනාව හදන්න ඕන කියන නිසා තමයි ඒ ගොල්ලෝ විදුලිවැට දාන්නේ නැත්තේ. මිනිස්සුන්ගේ ජිවිත බල්ලාට දාලා මිනිස් ජිවිත අලියාට පූජා කරලා විනාශ වෙන්න ඇරලා මෙන්න මේක මොනවයින් හරි ක්‍රමයකින් මංතීරුව හදන්න තමයි ඒ ගොල්ලන්ගේ සුදානම”
