මේ වෙද්දී ලංකාව ඉන්නේ අත්‍යවශ්‍ය බඩු ටිකවත් වරායෙන් මුදල් ගෙවලා නිදහස් කරගන්න බැරි තරම් කඩාවැටීමක. මේ වෙද්දී කන්ටේනර් 800ක් හිරවෙලා තියෙන බව අපි දන්නවා.
මේවා ඉක්මනින් නිදහස් කරන්න කියලා අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දුන් බවත් ප්‍රවෘත්ති පළ වුණා. ඒත්, ලංකාදීපය වාර්තා කරලා තියෙනවා මේ සඳහා වැයවෙන මුදල ඩොලර් මිලියන 15ක්ලු. ලක්ෂ 35,000ක්ලු.
බැලූ බැල්මට මේ මුදල වියදම් කිරීම අසීරු නැහැ. එහෙත් මේ වෙද්දී ඩොලර් මිලියන කිහිපයක් වුණත් මහා දෙයක් විදියට සලකන්න ශ්‍රී ලංකාවට සිද්ධවෙලා තියෙනවා.
ලංකාදීප වාර්තාව පහතින්.
‘ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 15 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 35,000 කට අධික මුදල් අවශ්‍ය බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කන්ටේනර් නිදහස් කිරීමට නොහැකිව සිටින සමස්ත ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඇතුළත් ලැයිස්තුවක් සකස් කර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට බාරදී ඇති අතර ඉදිරි දින කීපයේදී හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ආහාර ආනයනකරුවෝ බලාපොරොත්තුවෙන් සිටිති.
ආහාර ආනයනකරුවන්ගේ සංගමය ලෙස තමන් ද බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් තනි තනි ආනයනකරුවන් ද පෞද්ගලික මට්ටින් බැංකු සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.’