මෛත්‍රීගේ ගෙදර තිබුණ බැසිල්ගේ රැස්වීම අවලංගුයිලු

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ් කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවසේ පැවැත්වීමට සැලසුම් කර තිබූ රැස්වීමක් අවසන් මොහොතේ අවලංගු කරලාලු.

මෙම රැස්වීම සැප්තැම්බර් 25 සෙනසුරාදා සවස 4ට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වීමට සැලසුම් කර තිබුණාලු. යුගදනවි ගිවිසුම ගැන ඒකේදී සාකච්ජාවට ලක් කිරීමට නියමිතව තිබුණාලු. මේ වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ගිවිසුම ගැන මත දෙකක් තියෙනවා.

ඒත්, මේ මොහොතේ බැසිල් රාජපක්ෂ එක්ක කතා කරන්න ගොඩක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කැමති වෙලා නෑ. කට්ටිය නැතිකම නිසා අන්තිම මොහොතේ කතා කරලා රැසවීම අවලංගු කළාලු.