රෝහිත රාජපක්ෂ මහතා සහ පොල්පිතිගම කරුණාරත්න මහතා එකතු වෙලා රුපියල් මිලියන 10 ක් වටිනා වෛද්‍ය උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කරලා.
කෝවිඩ් වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෛද්‍ය උපකරණ වල හිඟයක් තියෙනවා කියලා රෝහිත මහත්තයාට දැනගන්න ලැබුණාලු.
ඉතිං ඒ ගැන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කෙන්දගමුව ඇහුවාම ඒ මහත්තයා කියලා තියෙනවා වෛද්‍ය උපකරණවල හිඟයක් තියෙන බව.
ඉන්පස්සේ තමයි රෝහිත මහත්තයා රුපියල් මිලියන 10 ක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන්න පියවර අරගෙන තියෙන්නේ.
ලංකාදීප වෙත අදහස් දක්වමින් රෝහිත මහත්තයා මේ කර්තව්‍යයට සහය දක්වපු අයට අවංක ස්තූතිය පුද කරලා තියෙනවා.