රජය විසින් මෑතකදී මුදල් අචිචු ගෑසීමට ආදාළව සමහරෙක් රටේ විදේශ විනිමයේ පවතින ප්‍රශ්න උග්‍රවනු ඇතැයි තර්ක කෙරෙන අතර සමහරෙක් එලෙස සිදුනොවන බවට තර්ක, විතර්ක ගෙනඑනු ලබයි. නමුත් පොදුමහත් සාමාන්‍ය ජනතාවාග් අභිලාෂ හා අවශයතාවය මීට වෙනස් බව පෙනේ. එනම් ඔවුන් නිරන්තරව අපේක්ෂා කරන්නේ තමන්ට දරාගතහැකි මට්ටමේ ජිවන තත්වයක් කෙසේ හෝ ළගාකරගැනීම කෙරෙහිය. මෙහිදී විදේශ විනිමය ඒ හා බැදි මුලික වචන පිළිබඳ අවබෝධයක් ලබාගනිමින් මෙරට විදේශ විනිමයේ උද්ගතවී ඇති ගැටළු හදුනාගෙන ඊට ආදාළ විසදුම් කෙරෙහි මුලික අවධානය යොමු කෙරේ.
“විදේශ විනිමය” ලෙස හැදින්වෙන්නේ නොඑසේනම් “එෆ් එක්ස්” යනු එක් මුදල් වර්ගයක් තවත් මුදල් සඳහා වෙළදාම් කිරීමයි. උදාහරණයක් ලෙස කෙනෙකුට යුරෝ සඳහා එක්සත් ජනපද ඩොලරය මාරුකළ හැක. මෙහිදී විදේශ විනිමය තූළ පුද්ගලයන්, බැංකු හා ව්‍යාපාර එක් මුදල් වර්ගයක් තවත් මුදල් බවට පරිවර්තනය කරනු ලබන ප්‍රතිවිරුද්ධ වෙළඳපොලක් ලෙසද නම් කළහැක. එය ලොව විශාලතම ද්‍රව වෙළඳපොල ලෙසද සැලකේ. මෙහිදී ලෝක වෙළඳපොළේ සැපයුම් හා ඉල්ලුමේ බලවේග මගින් නිශ්චිත මුදල් වර්ගයට හිමි වටිනාකම නිර්ණය කෙරේ.
ඒ අනුව සෑම මුදල් වර්ගයක්ම නිරන්තරව පරිවර්තනය වෙමින් හා පාවෙමින් පවති. ලොව විදේශ විනිමය වෙළඳපොල තුළ තොග හා වෙළඳ භාණ්ඩ මෙන් නොව මීට ආදාළ මධ්‍යයම වෙළඳපොලක් නොමැත. මෙම වෙළඳපොල ක්‍රියාත්මක වන්නේ බැංකුකරුවන්, වෙළඳුන් සහ තැරුව්කරුවන්ගේ සැදුම්ලත් ගෝලීය ජාලයක් හරහාය. ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු පැය 24ම ක්‍රියාත්මක වන්නක.ි විදේශ විනිමයේ මිල ගණන් තීරණ වන්නේ යුගල වශයෙනි.
ඊට හේතුව වන්නේ අප එක මුදල් වර්ගයක් විකුණන වට තවත් මුදල් වර්ගයක් මිලදී ගන්නා බැවිණ. එමෙන්ම විදේශ විනිමයේ මිල ගණන් තීරණය වීමට බහුවිධ සාධක බලපැවැත්වෙය.ි රටක පොලී අනුපාතය, උද්ධමනය, රජයේ මුල්‍ය ප්‍රතිපත්ති ආනයන හා අපනයන ඉල්ලුම මෙම සාධක හා වෙළෙන්දන්ගේ ඉහළ පරිමාව හේතුවෙන් මිල වේගයෙන් වෙනස් වේ. එමනිසාම අතිශයින්ම අස්ථාවර වෙළ`ලපොලක් මෙමගින් ඇති කෙරෙන අතර ආයෝජකයන්ටද වැඩි අවදානමක් පවත.ි එමෙන්ම විදේශ විනිමය වෙළඳාමෙදී මුදල් සම්මුතීන් හා වෙළඳපොල පිළිබද පවතින මනා අවබෝධය වටී.
ඓතිහාසිකව ගත්කල මානව සංස්කෘතිය තුළ ක්‍රි.පු 259 පුරාණ ඊජිප්තුවේ කාසි හුවමාරුවද ක්‍රි.ව 4වන සියවසේ බයිසැන්තියානු රජය මුදල් හුවමාරු එකාධිකාරයක් පවත්වාගෙන ගිය බවට විද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත. ග්‍රීක කාසියක් රදවා සිටිමේදි වැඩි ද්‍රව්‍යමය ප්‍රමාණයක් හුවමාරු කරගත හැකි වු බව වාර්තා වේ. එමෙන්ම මුදල් මාරු කරන්නන් පිළිබඳ බයිබලයේ “තල්මුඩික්” ලියවිලිවල “කොලිබිස්ටස්” ලෙස හැදින්වෙන පිරිසක් ශූද්ධ භූමියේ ජිවත් වු බව සඳහන් වේ. විදේශ විනිමය පිළිබඳ විධිමත් ලේඛණ හමුවන්නේ පුනරුද සමයේ 15 වන සියවසේ ඉතාලියේ “මෙඩිසි පවුල” ඔවුනගේ වෙළදාම පහසු කිරීමට “නොස්ට්‍රෝ” ගිණුම් පොත තූල විදේශිය හා දේශිය මුදල් ප්‍රමාණ පෙන්වන තීරු දෙකක් අඩංගු කිරිමෙණි.
1704දී එංගලන්තය හා ඔිලන්ද ප්‍රාන්තයේ අවශ්‍යතා කටයුතු කරන නියෝජිතයන් අතර විදේශ විනිමය හා සමාන ක්‍රමfවිදයක් භාවිත කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ලෝකය තුල කාර්මිකරණයෙන් අනතුරුව ධනවාදය ප්‍රතිව්‍යාප්තවීමත් සමඟ වෙළදාම මිනුම ලෙස 1880 සිට රන් ප්‍රමිතිය ආරම්භ විය. ඉන් අනතුරුව 1913 ලෝක විදේශ විනිමයෙන් අඩක් ස්ටර්ලිං පවුම් භාවිත කරන ලදි. 1944 දී බ්‍රෙටින්වුඩිස් ගිවිසුම මගින් මුදල්වල විනිමය අනුපාතකයට වඩා ඩොලර් 1%ක පරාසයක් තුළ මුදල් උචිචාවචනය වීමට ඉඩ සලසයි.
අද අප කතාකරන විදේශ විනිමය අපගේ ශබිද කෝශයට එකතු වන්නේ 1970 දශකය තුළ ධනවාදී ආර්ථික ක්‍රමයේ භාවිතාවක් ලෙසයි. දෙවන ලෝක යුධ සමයෙන් පසු ලෝකය තුළ වෙළදාම වාණිජකරණය වීමත් සමඟ බ්‍රෙටින්වුඩිස් මුල්‍ය කළමණාකරණ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමේ ගැටලු මතු කරයි. ඒ අනුව එකසත් ජනපද ජනාධිපති රිචඩි නික්සන් විසින් නිදහසේ පාවෙන මුදල් පද්ධතියක් ඇති කරනු ලැබීය. මීට ආදාලව ඇතිකරගත් ස්මිත්සෝනියානු ගිවිසුම මගින් අනුපාත ඩොලර් 2%දක්වා උචිචාවචනය වීමට ඉඩලබාදෙන ලදී.
තරඟකාරි ධනවාදී ආර්ථික ක්‍රමය තූල සියලුම රාජ්‍යයන් උත්සහ කරන්නේ තම විදේශ විනිමය සංචිතය හැකිතාක් වැඩිකර ගැනීමයි. විදේශ විනිමය සංචිත ලෙස හැදින්වෙන්නේ මහ බැංකුව හෝ රටේ බලයලත් රාජ්‍ය මුල්‍ය අධිකාරියක් සතුව පවතින රත්‍රන් මුදල් හා වෙනත් සංචිතයන්ගේ වත්කම්ය. මෙම වත්කම් මුලික වශයෙන් රටේ ගෙවීම් ශේෂ කිරිමට ලබාගතහැකි අතර එය රටේ මුදල්වල විදේශ විනිමය අනුපාතයටද සෘජුව බලපෑම් කරයි. එමෙන්ම විදේශ විනිම සංචිතයේ වත්කම්වලට බැදුම්කර හා භාණ්ඩගාර බිල්පත් වැනි සංච්ත මුදලේ හා මුලද් නෝට්ටුවල තැන්පතු හා රජයේ සුරුකුම්පත්ද ඇතුළත් වේ.
මහබැංකුව විසින් සංච්ත වත්කම් එනම් මුදල් රඳවා තබාගැනීම හා ඒවායේ ගබඩා කිරීම්වල ආරක්ෂක වියදම් ආදියේ ආවස්ථික පිරිවැය දරයි.
එලෙස බලන විට නිදහසින් පසුව මෙරට 1950 දී ඩොලර් මිලියන 190ක විදේශ සංචිත තිබුණි. 1969 දී විදේශ සංචිත ඩොලර් මිලියන 40 දක්වා පහත වැටුණු අතර එහිදී ආනයන අපනයන පාලන නිතීය බලාත්මක කරන ලද.ී කලින් කලට මෙරට බලයට පත්වන ආණ්ඩු විසින් ගෙනඑනු ලබන ආර්ථික ප්‍රතිපත්ති මගින් නිර්ණය කෙරෙන විදේශ විනිමය හැසිරවීමේ ගාමක බලවේග මගින් අප විසින් එකතු කරගන්නා විදේශ විනිමය සංචිතය තීරණය වේ.
ඒ අනුව 2021 මැයි මාසය වන වට මෙරට විදේශ විනිමය සංචිතය ඇ .ඩො බිලියන 3.5ක් ලෙස වාර්තා වේ. මෙම ප්‍රමාණය මෙරට ලබාගෙන ඇති ණයවල පොලී අනුපාතයන් ගෙවීමටද ප්‍රමාණවත් නොවේ. ඊට හේතුව වන්නේ 2021 වන විට මෙරට සමස්ත ණය ප්‍රමාණය මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 101%කි. මෙහිදී විදේශ විනිමය සංචිතය වැඩිකරගැනීම උදෙසා සිහිකල්පනාවෙන්, උපක්‍රමශිලිව හා කාර්යක්ෂමව වැඩකිරීම කාලෝචිතය.
පවතින ප්‍රාථමික හිඟය මුදල් අර්බුදය නැවැත්වීමට පොලී අනුපාත ඉහළ නැන්වීමට ඉඩසැලසිය යුතු අතර එමගින් පොළිය වෙන්දේසියේ කඩදාසි ලෙස පෙරළා දැමිය හැකි අතර ඉතිරිව ඇති වැටුප් වැනි භාණ්ඩ ඩොලර් නෝට්ටු සදහා හුවමාරු කළහැක. පොලී ගෙවීම කඩදාසි ලෙස පෙරළා ඇත්නම් වර්තමාන අයවැය වියදමිවලින් කොටසක් විශාල කොටසක් මුදල් පීඩනය අවුලාවීමෙන් ඉවතට ගනු ලැබේ. මෙහිදි යම් ලෙසකින් ණය සඳහා පොලී අනුපාත ගෙවීමිට මුදල් මුද්‍රණය කරන්නෙනම් දුර්වල ආනයන පාලනය හා දුර්වල බදු ආදායම විෂම කවයක් තුළ දිගටම පවතිනු ඇත. එමෙන්ම මීට සමපාතිකව කොටස් වෙලඳපොළ ආනයනකරුවන්ට වෙළදුන්ට සෙල්ලම් කිරීමට ඔවුන්ගේ ණය රේඛා හා ප්‍රාග්ධන ණය දිගටම භාවිත කිරිමද ක්‍රමවත්ව පාලනය කල යුතුය.
එමෙන්ම මුල්‍ය ප්‍රාග්ධන ආයෝජකයන්ගේ ස්ථාවරත්වය හා විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව ක්‍රමවත් විශ්වසනීය මුල්‍ය සැලැස්මක් හා මුල්‍ය ප්‍රතිපත්ති තිබිය යුතුය. ශ්‍රි ලංකාවේ පොලී අනුපාත ඉහළයාම සහ ආනයන විවෘත කිරීම මගින් යහපත් චක්‍රයක් තුළ බදු නැවත භාණ්ඩාගාරයට ගලාඒමට ඉඩ සැලසෙන කාර්යක්ෂම සැලසුම් වෙත ගමන් කලයුතුය. එමෙන්ම පොලී අනුපාත දැඩි ලෙස ඉහළ යාම මගින් ආපසු ගෙවීමට නියමිත සියලු ණය ගෙවීම් දේශිය ණය විකුණුමි සමඟ ගෙවීමට ඉඩ සලයස.ි එමගින් පරිභෝජනය හා ආනයනය සීමාකර ගතහැකිය.
අනෙක් අතට ශ්‍රි ලංකාවේ බදු ප්‍රතිපත්තියද සංශෝධනය කිරීම අවැසිය. එහිදී සමාගම් දැනටමත් ආනයන පාලනයන්ගෙන් ප්‍රතිලාභ ලබාගෙන ඇති අතර එම ප්‍රතිලාභ ක්‍රමවත් බදු ප්‍රතිපත්තියක් යටතේ නැවත භාණ්ඩාගරයට මුදල් ගලාඑන තාර්කික ක්‍රමfවිද වෙත ගමන් කරම්න් එම ප්‍රතිලාභ එලදායිව අත්කරගත යුතුය. කෙසේ වෙතත් විිදේශිය ආයෝජකයන්ගේ විශ්වාසය යථා තත්වයට පත් කිරීමට එලදායි ක්‍රමයක් ලෙස යම් ලෙසකින් ඉන්දියාවෙන් හෝ චීනයෙන් විදේශ විනිමය හුවමාරු ලබාගතහැකිනම් අවම වශයෙන් වර්තමාන ගනුදෙනු වලින් විදේශ විනිම සංචිත පිටතට ගැලීම නවත්වා ප්‍රමාණවත් තරම් ගාස්තු ඉහළ නැංවීමෙන් පසු ඒවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ ලබාගැනීම වඩාත් අර්ථවත් කරයි.
එමෙන්ම මෙරට විදේශ ප්‍රතිපත්තියද හැකිතාත් පසම්තුරන් අවම වන හැකිඋපරිම ආකාරයෙන් මිතුරු සබඳතා ප්‍රවර්ධනය කළ හැකි අන්දම්න් භාවිත කළ යුතුය. එහිදි ගජමිතුරන් කීප දෙනෙක් පමණක් තෝරාගෙන ඔවුන් මත මෙරට සියලු දේශපාලන, ආර්ථික හා සමාජ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට උත්සුකවන ක්‍රමය මුලුමනින්ම පාහේ අහෝසි කළ යුතුය.
ඒ වෙනුවට අප කා සමඟත් අවංකව හොඳ හිත වර්ධනය කරගනිමන් අපට ආර්ථිකව ලැබිය හැකි සියලුම සහනාදායි, පහසුකම් කාර්යක්ෂමව අපේ ආර්ථිකයේ පැවැත්ම ස්ථාවර කිරීමට දායක කරගැනීමට තරම් අප දක්ෂ විය යුතුය. මුදල් ප්‍රතිසංස්කරණ, අවිධිමත් නීති හා නීතියේ ආධිපත්‍යය, දේපළ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සහිත පොදු සේවාවක් ස්ථාපිත කළ යුතුය. එහිදී ජාතිකවාදය වෙුනවට තාර්කිකරණය හා විවේචනාත්මක චින්තනය උගන්වන අධ්‍යාපන ක්‍රමයක් මගින් පුරවැසියන්ගේ නිදහස පුළුල් කිරීමට ඇති ආශාව වෙනුවට ඔවුන්ගේ පුර්ණ හැකියාවන් කාර්යක්ෂමව හා එලදායිව මෙරට ආර්ථික ස්ථාවරත්වයට ගමන් කල හැකි දිගුකාලීන සැලැස්මක් ඇති කළ යුතුය.
එමෙන්ම බාහිර ප්‍රතිසංවිධානය පමණක් නොව ආර්ථික හා මුල්‍ය ස්ථායිතාවය ළඟාකරගැනීමට මෙරටට විශේෂිත වු ආර්ථික තත්වයන්ට අනුකුලව මනාව සැලසුම් කරන ලද හා සුදුසු ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නම්‍යශිලිව අනුගමනය කළ යුතුය. මෙරට මහබැංකුවට මේ සම්බන්ධව පැවරෙන සුවිශේෂි වු වගකීම හා බලය අනිසි දේශපාලනික ඇඟිලි ගැසීම්වලින් තොරව මෙම විෂයට ආදාළ විශේෂ ප්‍රාගුණ්‍යය හැකියාව ප්‍රතිඑලදායි ලෙස යෙදවිය යුතුය. ඒ අනුව උදාහරණයක් ලෙස ගතහොත් මහබැංකුව මුදල් මුද්‍රණය කිරිමෙන් මුදල් ගෙවනවා වෙනුවට කඩදාසි භාණ්ඩාගාර බිල්පත් හෝ බැදුම්කර ලෙස කුපන් ගෙවීම් පෙරළා දැමිය යුතුය. එමෙන්ම බැදුම්කර කල් පිරීමේ කාලසීමාව සඳහා වන මිලගණන් භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප නොකොළ යුතුය. ඒ අනුව ලංසු ප්‍රතික්ෂේප කිරීම අතීත හිඟයන්ගෙන් ණය මුද්‍රිත මුදල් හා වත්මන් වර්ෂයේ අස්ථාවරත්වයට බවට පරිවර්තනය කෙරෙන බව සිහියේ තබාගත යුතුය.
මෙරට ලබාගන්නා ණය ප්‍රතිඑලදායි අන්දමින් යෙදවිය යුතුය. ඒ අනුව කෙටිකාලීනව ඉක්මනින් ප්‍රතිලාභ අත්කර ගතහැකි ව්‍යාපෘති මෙන්ම දිර්ඝකාලීන ප්‍රතිඑලදායි ප්‍රතිලාභ ලබාගත හැකි අන්දම්න් ඒවා නිශ්චිත හා කාලීන පදනම් යටතේ සැලසුම් කළ හැකිය. එමෙන්ම යම් ආකරයට පොලී රහිත ණය දිගූකාලිනව හිමිවන්නෙම් හෝ යම් ප්‍රදාන හිමිව්නනෙම් ඒවා යෙදවිය යුතු රාජ්‍ය ආයෝජන සංයුතියද මීට සමගාමීව වෙනස් කළ යුතුය.
දේශිය ඛණිජ සම්පත් ප්‍රතිඑලදායි අනදම්න් නොඑසෙනම් මෙරට ආර්ථික ස්ථාවරත්වයේ පුමුඛ ශක්තීන් ලෙස භාවිතයට ගැනීමට ආදාළ අංශ අවධානය යොමු කිරීම වැදගත්ය. එහිදී පොස්පෙට්, හුණු ගල්, මිනිරන් ආදිය අමුද්‍රව්‍ය ලෙස වෙළඳපොලට නිකුත් කරනවා වෙනුවට මෙවායින් නිෂ්පාදන උදෙසා ලෝක වෙළඳපොල තුළ ඉහල මිලක් ලබාගත හැකිය. එහිදි අපට තාක්ෂණය හා ප්‍රාග්ධනය නොමැතියැයි මැසවිලි නැගීම පසෙකලා තාක්ෂණය හා ප්‍රාග්ධනය ආයෝජනය විදේශ හිතමිතුරන්ගේ සහය ලබාගෙන කර්මාන්ත බිහිකර යුතුය.
මෙරට ජනතාවගේ මුලික අවශ්‍යතා හැකිඋපරිම ආකාරයෙන් මෙරට තුළම නිෂ්පාදනය කරමින් ආනයනය සීමා කළ යුතුය. එහිදි සහල්, අල, ලූණු, පරිප්පු, කිරිපිටිවල සිට කුඩා ළමයින්ගේ සෙල්ලමි ආයිත්තම්, තාක්ෂණික උපකරණ, ගෘහභාණ්ඩ, ආදි මෙරටට ආනයනය කරන මෙවැනි දෑ මෙරට තූළම නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ නිෂ්පාදකයන් සමඟ රජය මැදිහත්වී ඔවුන් දිරිමත් කොට නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැන්වීමට ක්‍රියා කල යුතුය. එහිදී සුළුතරයේ භාවිතයට මිල අධික සුඛෝපභෝගී වාහන ගෙන්වීම මුළුමනින්ම පාහේ නතර කළ යුතුය. එපමණක් නොව බහුතර පොදු මහත් ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍යය වාහන හා යන්ත්‍රෝපකරණ මෙරට තුළදීම නිෂ්පාදනය කෙරෙහි රජය මැදිහත් වී ක්‍රියාකළ යුතුය.
එමෙන්ම ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් අවම කිරීම මෙන්ම පොදුජන සුරක්ෂිතතාවයට ආදාළව පවතින මුදල් මෙරට ආර්ථික පද්ධතිය පිළිබද මනා අවබෝධයකින් තොරව හිතුමතේ පොදු මුදල් භාවිතයද අහෝසි කොට වගකීමෙන් වැඩකලයුතුය. මීට සමගාමීව වංචාව දුෂණය හා අල්ලසට ඇබ්බැහිවීම මුලා කිරීම හා ඇන්දීම දිර්ඝ කාලයක් තිස්සේ අපගේ සමාජ ව්‍යුහය වෙලාගෙන ඇති බවද අප අමතක නොකල යුතුය. එහිදී සුළු හා මධ්‍යයම පිරිමාණ ව්‍යාපාර සඳහා රජය විසින් ලබාදී ඇති සුළුණය පවා මෙවැනි තත්වයන්ට ගොදුරු වී ඇති අතර අයදුම්කරවන්ට බැංකු හා දෙපාර්තුමෙන්තු නිලධාරින්ට නීතිවිරෝධි කොම්ස් මුදල් ගෙවන තෙක් වටේ යවනු ලබයි.
එපමණක් නොවේ ගොවීන් තම පෙහොර හා වෙනත් නීන්‍යානුකුල භාණ්ඩ හා සේවා මීලදගැනීමට යාමෙදී වංචනිකයන්ගේ ගොදුරු බවට පත්වේ. මෙම තත්වය සමාජයේ පහළම ශ්‍රේණියේ සිට ඉහලම ශ්‍රේණිය දක්වා විවිධ ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වේ. එහිදී පොදුමහත් ජනතාවට යුක්තිය හා සාධාරණ්වය උදෙසා රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණය හෝ විටෙක දේශපාඥයන් සමඟ සටන් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි. මෙම තත්වය මුළුමනින්ම පාහේ අහෝසි කරමින් රාජ්‍ය යාන්ත්‍රණය වගවීම හා වගකීම පෙරටුකරගත් පාරදෘශ්‍යභාවෙයෙන් වැඩකිරීමට බලකෙරෙන කාර්යක්ෂම යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වැදගත්ය. නොඑසේනම් ජනතාවට රාජ්‍ය පිළිබද පවතින විශ්වාසය හා අනෝන්‍ය ගෞරවය වියැකි යාම මෙම ක්‍රියාමගින් සිදුවුවහොත් රාජ්‍ය පද්ධතියම බරපතල අර්බුදයකට මුහුණ දිය හැකිය. එහිදී වරදේ ප්‍රමාණය රුපියල් ශතවල සිට මිලියන දක්වා හොරකම් කරන්නාට නීතිය හා යුක්තිය සාධාරණව ක්‍රියාත්මක කිරිම සියලු පොදුජනයාගේ පැතුමයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක ප්‍රමුඛ වගකීමක්ද වන බව තරයේ අවධානයේ තබාගත යුතුය.
එපමණක් නොව අපගේ සහජීවන මිතුරා ලෙසත්, අපගේ විදේශ ප්‍රතිපත්තිය තුළ මෙන්ම ඉදිරි දශකයේ මෙරට විශාලතම ආයෝජනවල පෙරගමන්කරුවා ලෙස ක්‍රියාකරන චීනයෙන් අපට උගත හැකි පාඩම් බොහෝය. ඒ අනුව ඔවුන් තමන් ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙනයාමට හැකි වී ඇත්තේ රටේ කෘෂිකාර්මික අංශයෙන් ලැබිය යුතු හා ලබාගතහැකි එලදායිතාවයන් වෙත ක්‍රමානුකූලව නිසි ප්‍රතිපත්ති යටතේ ගමන් කරමින්ය. එමෙන්ම තම රට තුළ මහා පරිමාණ කර්මාන්ත වලින් වැඩි ප්‍රතිලාභ අත්වුවද කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තවලින්ද ආර්ථිකයට ලැබෙන දායකත්වය අවතක්සේරු කොට නැත. එපමණක් නොව තම ආර්ථිකයේ පැවැත්ම සුරක්ෂිත කරනු ලබන සියලුම අංශ හැකි උපරිම ආකාරයෙන් කාලීන ආර්ථික ප්‍රතිපත්ති වලට මාරුවෙමින් නිසි කලට නිසි විසදුම් කාර්යක්ෂමව යෙදීමෙන් බව අප මෙහිදි තරයේ සිහියේ තබාගත යුතු කරුණකි. එමෙන්ම මෙරට පුරා විහිද පවතින බහුවිධ ස්භාවික සම්පත් තිරසාරව මෙරට ආර්ථික පැවැත්ම ශක්තිමත්ව පවත්වාගැනීමට ක්‍රමානුකූලව දායක කරගත යුතුය. ඒ අනුව මෙරට මත්ස්‍ය සමිපත, ඛණිජ නිධි, දේශිය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම පිළිබඳ පැහැදිලි හා කාර්යක්ෂම සැලැස්මක් සකසා ඒ මත ක්‍රියාත්මවීම කාලෝචිතය.
මෙරට විදේශ විනිම සංචිතය සුරක්ෂිත කොට ආර්ථික පැවැත්ම ස්ථාවර කිරිම හුදෙක් ආණ්ඩුවට හෝ රාජ්‍ය යාන්ත්‍රණයට හෝ මෙරට ව්‍යාපාරික ප්‍රජාවට හෝ පැවරෙන පෞද්ගලික වගකීමක් නොවන බව තරයේ අවබෝධකරගත යුතුය. එහිදි ඉහත අංශ අත්තනෝමතිකව වගකීම් විරහිතව ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකම කිසිදු විභේදනයකින් තොරව මාධ්‍යය පද්ධතිය හා සිවිල් සමාජය අපක්ෂපාතිව ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම මෙම යාන්ත්‍රණ හොඳින් ක්‍රියාත්මක වුවද පුරවැසියන්ට තම රටේ ආර්ථික පැවැත්ම ස්ථාවර කිරීමේ අවබෝධය මෙන්ම ඊට ආදාළව එකාවන්ව වගකීම්සහගතව වැඩකිරීමේ පුර්වාදර්ශය බලයේ සිටින ආණ්ඩුව විසින් මෙරට ජනතාවට ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුය.