ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික බලැති සබ්මැරීන් ලබාදීමේ තීන්දුව උතුරු කොරියාවේ විවේචනයට ලක්වෙලා. ප්‍රතිචාර දක්වන බවට වක්‍ර තර්ජනයකුත් කරලා.
මෑතකදී ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව අතර තිබුණ යුධ අභ්‍යාසයක් සහ ආරක්ෂක ගිවිසුමක් එක්ක තමයි මේ අවි ලබාදීලා තිබුණේ. අඩුම තරමේ න්‍යෂ්ඨික බලැති සබ්මැරීන් අටක්වත් ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලැබේවි. ආසියා පැසිෆික් කලාපයේ මුහුදු බලය අතින් ඕස්ට්‍රේලියාව ශක්තිමත් වේවි.
උතුරු කොරියාවේ ආරක්ෂාවට මෙය තර්ජනයක් ලෙස හැඟුණොත් දැඩි ප්‍රතිචාර දක්වන බවත් උතුරු කොරියාව පැත්තෙන් කියා තිබුණා.
මේ උතුරු කොරියානු ප්‍රතිචාරය එරට විදෙස් අමාත්‍යාංශයේ ‘ඉහළ නිලධාරියෙකු’ උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ ඒ රටේ රජය යටතේ පවතින මාධ්‍ය.
මෙය අපේ කලාපයේ දේශපාලනයට ඉතා තීරණාත්මක තීන්දුවක් වුණා. චීනය සහ උතුරු කොරියාව ඕස්ට්‍රේලියාවට ලැබුණ යුධ අවි ගැන තීරණාත්මකව කැළඹිලා.
ඊට අමතරව ඕස්ට්‍රේලියාව සමග වෙනම සම්බැරීන් ගනුදෙනුවකට ලෑස්තිවෙලා හිටපු ප්‍රංශයත් ඒ ගැන දැඩි විරෝධයක් පළ කළා. ඕස්ට්‍රේලියා-ප්‍රංශ ගැටුම මේකේ වෙනම අතුරු මාතෘකාවක්.
අනෙක් අතට ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව මේ ගනුදෙනුවට ආවේත් ඔය රටවල් දෙකට එරෙහිව ආසියානු රටවල් පෙළගැසීමේ පියවරක් ලෙස.
‘ආසියා පැසිෆික් කලාපයේ උපායමාර්ගික සමබරතාව බිඳහෙළිය හැකි දැඩිව විරුද්ධ විය යුතු, භයානක පියවරක්’ ලෙස තමයි උතුරු කොරියාව පැත්තෙන් මේ ගිවිසුම හඳුන්වා තිබුණේ. මෙහි අතුරු ප්‍රථිපළ ලෙස යුධ තරඟයක් ඇති විය හැකි බව වැඩිදුරටත් කියා තිබුණා.
ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා නම් තම ප්‍රකාශයකින් ඉඟි කර තිබුණේ මේක චීනය මෑත කාලයේ කලාපීය මුහුදේ කරපු අභ්‍යාසවලට ප්‍රතිචාරයක් කියලයි. ඒත් චීනයේ නම සෘජුව කියා තිබුණේ නෑ.
උතුරු කොරියාව පසුගිය සතියේත් මිසයිලයක් අත්හදා බැලුවා. ඔවුන් දිගින් දිගටම අවි බලය ශක්තිමත් කරමින් ඉන්නවා.