එල්ලේ ක්‍රිඩකයා ඝාතනය – මට්ටක්කුලිය යුධ හමුදා කඳවුරේ ප්‍රධානියාව භාර දෙන්න! පොලිසිය දැනුම් දෙයි..

මට්ටක්කුලිය අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් මහතා ඝාතනය කර කැලණි ගෙඟ් ගිල්ලවීමේ සිද්ධියට සම්බන්ධ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කර්නල්වරයා වහාම තමන් වෙත භාරදෙන ලෙස පොලිසිය යුද හමුදා පොලිසිය වෙත දැනුම්දී ඇත.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ වන ග‍්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සෙබළු 13 ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මට්ටක්කුලිය සමිට්පුර ග‍්‍රාම නිලධාරිනිය බුද්ධි අංශ කඳවුරේ නිලධාරියකු සමග පැවැත්වූ බව කියන අනියම් සම්බන්ධතාවයකින් පසුව ඇගේද අනුදැනුම මත ඇගේ සැමියා මෙසේ ඝාතනය කර තිබුණේ ඉ අගෝස්තු මස 17 වැනිදාය.

අකිල සම්පත් ඝාතනය කර ඔහුගේ සිරුරට ගල් බැඳ කැලණි ගෙඟ් ගිල්ලවීමට කටයුතු කර තිබූණු අතර ඊට දින 3 කට පසු එම සිරුර මෝදර කාකදූපතට ගොඩගසා තිබිණි.

මේ වන විට අදාල කඳවුරේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කර්නල්වරයා යුධ හමුදා පොලිසිය භාරයේ සිටින බව වාර්තා වේ.