කැටගොඩ අගහරුවාදා දිවුරුම් දෙයි

ජයන්ත කැටගොඩ මහතා ලබන 21 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

ඊට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් 17 දින නිකුත් විය.

වත්මන් මහ බැංකු අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙහි කැටගොඩ මහතා දිවුරුම් දෙයි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම වෙනුවෙන් කැටගොඩ මහතා පසුගිය ජූලි මස 06 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

https://satahan.blog/2021/09/17/jayantha-ketagodas-name-gazetted-to-fill-vacant-mp-seat/