විවිධ අවස්ථාවල අවශ්‍යතාව පරිදි මුදල් අච්චු ගැසීමට මහ බැංකුව කටයුතු කළත් එමගින් උද්ධමනයට සැලකිය යුතු බලපෑමක් සිදුව නැති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් දිවයින පුවත්පතට පවසා ඇත.
එසේම ආර්ථිකයට මුදා හරින මුදල් නැවත මහ බැංකුවට අවශෝෂණය කර ගැනීමද සිදු කරන බවත් එසේම උද්ධමන පීඩනයක් මතුවන අවස්ථාවලදී ඊට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග ගනිමින් ඒ සඳහා කටයුතු කිරීමට සූදානම් බවත් ඒ මහතා පවසා ඇත.
‘අවශ්‍යතාවය පරිදි විවිධ අවස්ථාවල මුදල් අච්චු ගැසීමට සිදුවෙනවා. ඒවා අවශ්‍ය විටෙක නැවත මහ බැංකුවට අවශෝෂණය කර ගැනීමද සිදු කරනවා. ඒවා සාමාන්‍යයෙන් සිදුවන තාක්ෂණික කරුණු ලෙස සඳහන් කළ හැකියි. ඒවා අවශ්‍ය වේලාවට අවශ්‍ය ආකාරයට මහ බැංකුව සිදු කරයි. එහෙත් අප යන ආර්ථික දිශානතිය පැහැදිලි කරන්න කටයුතු කරනවා.මුදල් නිකුත් කිරීම් නිසා තවම උද්ධමනයට අවදානමක් මතුව නැහැ. අපි අවදානමක් වෙනව කියල අපේක්ෂා කරන අවස්ථාවක ඒ ගැන කටයුතු කරන්න සූදානම්’