ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියෙනවා” – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

නැත්නම් කොහොමද රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නේ

ආණ්ඩුවට මුදල් ඇති බවත් එසේ මුදල් නොමැතිනම් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ කෙසේද බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

ඒ නිසා රජයට මුදල් ඇති බවත් නියමිත වෙලාවට රජයේ සේවකයින්ට වැටුප් ගෙවන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

සැප්තැම්බර් 17 දින පාමංකඩ, රුක් රෝපණ වැඩසටහනක⁣ට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පවසා ඇත.

මෙරට ජනතාව හා ජාතික ආරක්ෂාව බිල්ලට දීමට වත්මන් රජය කිසිවිටක සූදානම් නොමැති බව ද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.

පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රහාර මාලාවක් යළිත් මෙරට තූල ඇතිවිමේ අවධානමක් ඇතිදැයි මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්න කළ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ වහාම මෙරට ජාතික ආරක්ෂාව තහවුරු වූ බවත් සියලු දේ පිලිබඳ සොයාබලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.