දවුලගල වගේ තව කෙනෙක් ඒ තනතුරට දැම්මා – කබ්රාල් කියයි..

දවුලගල මහත්මිය සේම සුදුසුකම් ඇති වරලත් ගණකාධිකාරීවරයෙක් එම තනතුරට පත්කර තිබෙන බවත් ඊටත් වඩා  සුදුසුකම් ඇත්තෙක් වේ නම් තමන් වෙත දැනුම් දෙන ලෙසත් මහ බැංකු අධිපති අජිත්  නිවාඩ් කබ්රාල් ලංකා නිව්ස් වෙබ් අඩවියට පවසා ඇත.

එවැනි සුදුස්කම් ඇති පුද්ගලයා පිළිබඳව තමන්ව දැනුවත් කළහොත් ඒ අනුව ඒ පුද්ගලයාව දවුලගල මහත්මියගේ හිස් වූ තනතුරට පත්කිරීමට තමන් කටයුතු කරන බවත් ඒ මහතා පවසා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්.දවුලගල මහත්මිය ඊයේ (16) දින සිට එම තනතුරේ වගකීම් වලින් ඉවත් කෙරුණු අතර ඊට එරෙහිව බොහෝ විවේචන එල්ල වෙමින් තිබේ.

යහපාලන සමයේ මහ බැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට එල්ල වූ බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික විගණනයන් සම්බන්ධයෙන් වෘත්තීමය වගකීම ඇය සතුව තිබුණු අතර බැඳුම්කර වංචාවේ සටහන් වෙනස් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ දී එයට වලක්වනු ලැබූවේ ද ඇය විසින් වන අතර මෙම තත්ත්වය මත ඇයව මෙලෙස මුල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුරින් ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්න නගමින් ඇත. අපරාධමය චෝදනාවක් වන මෙම බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කර තිබෙන්නේ ද ඇයයි.