”කවදාවත් බන්ධනාගාරයට බීමතින් ගිහින් නෑ…ලොහාන් රත්වත්තේ

ඒක වුණා නම්, ඉතින් CCTV දාන්න එපැයි එළියට” –

තමන් කිසිදු දිනක බීමතින් බන්ධනාගාරයක් තුළට ඇතුළු වී නැතිබව ලොහාන් රත්වත්තේ පවසා ඇත.

දිවයිනේ පිහිටි බන්ධානාගර 29 සහ පුනරුත්තථාපන මාධ්‍යස්ථාන දෙක ඇතුළු ස්ථාන 31 කට ම තමා ගොස් ඇති බවත් කිසිදු පුද්ගලයෙකුට බන්ධනාගරයක් තුළට ගිනි අවියක් රැගෙන යා නොහැකි බවත් තමා ද ගිනි අවියත් තියා සිය ජංගම දුරකතනය හෝ බන්ධනාගාර තුළට රැගෙන නොයන බවත් ඒ මහතා පවසා ඇත.

මහර බන්ධනාගාරය ගිනිගන්නා අවස්ථාවේ තමාට බන්ධනාගාර අමාත්‍යංශය භාරදුන් බවත්  ගිනිදැල් නිවා බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිස්ථාපනය කළේ,  තමන් බවත් ඒ මහතා පවසා ඇත.

ජනපති, අගමැති ඇතුළු රජය අපහසුතාවට පත් නොවන ලෙස පරීක්ෂණයක් සිදු කරගෙන යාමට ඉඩදී තමන් බන්ධනාගාර අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවත් ඒ මහතා පවසා ඇත.

බන්ධනාගරයේ CCTV දර්ශන මකා දැමීමට යන බව පසුගිය දා විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණු අතර ඒ පිළිබඳව විමසීමේදී ඊට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පවසා තිබුණි.

”CCTV කතන්දර නේ, CCTV මකන්න බෑ නේ…CCTV ඒකේ ඇති ඉතින්… ඒක වුණා නම්, ඉතින් දාන්න එපැයි එළියට”

‘මේක මඩ ප්‍රචාරයක්.. මේ මඩ ප්‍රචාරය මට මඩ ගහන්න සිදු කළ එකක්. මේ මඩ ව්‍යාපෘතිය පිටිපස්සේ කවුද ඉන්නේ කියලා මම දන්නේ නැහැ.මම එහෙම කිසි දෙයක් කළේ නැහැ. වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවට ගෙනි යන්න හදනකොට තමයි මේ මඩ ප්‍රචාරය මට ආවේ.’

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූයේ, පසුගිය 15 වනදායි.