කබ්රාල් භීතිකාවක් ඇයි? දෙරන 360 සංඛ පා.ම. හර්ෂ ද සිල්වා ගෙන් අසයි?- නීතිඥ ශිරාල් ලක්තිලක

එසේ බිය වන්නට හර්ෂගෙන් නොකියවුනු අපෙන් කියවෙන ස්ථාවරය !

රටක් පාලනය කිරීම දේශපාලනික ප්‍රතිපත්ති හා ඒ මත තීන්දු තීරන මත සිදුවන්නකි. එය යථාර්තයකි. නමුත් එලෙසට තීන්දු තීරන ගැනීමේදී හා තීන්දු ගැනීම ආයතනික හරහා ක්‍රියාත්මක කිරීමේදී එම තීන්දු හා තීරන ක්‍රියාත්මක කිරීම තුලනය කිරීම හා සංවරනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අත්‍යවශ්‍ය අංගයකි.

අතීතයේදී. රටේ මුල්‍ය පාලනය සඳහා ක්‍රමවේදයන් අධිරාජවාදි පාලන සමය තුලදී අප රටට හඳුන්වා දී තිබුනි.

බ්‍රිතාන්‍යයන් ඒවා ලංකාවට හඳුන්වා දී තිබුනේ තම රට තුලද අනුගමනය කරනු ලැබු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදි සංකල්පයට පදනම සපයන සමාජ සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හඳුන්වාදීමක් ලෙසටය.

එදා ඒවා සුද්දා හඳුන්වාදී තිබුනද නිදහස ලැබීමෙන් පසුවද එම තුලන හා සංවරන විධි ක්‍රම ලංකාව වැනි අධි දේශපාලනීකරනය වු රටක ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ඉතා වැදගත්වු ආයතනික සැකැස්මක් වුයේය.

නිදහසින් පසු ක්‍රියාත්මක වු මුදල් අමාත්‍යංශය කොටස් දෙකකට සකස්කර තිබුනේය. පලමු කොටස ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වන අතර එය මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරින.

දෙවන කොටස භාන්ඩාගාරය ලෙස හැඳුන්වු අතර එමගින් මුදල් අමාත්‍ය්‍යංශය නියම කරනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැයවන පිරිවැය රටේ ආදයම මත තීරනය කිරීම සඳහා කටයුතු කෙරුනි. එම නිසා භාන්ඩාගාරය මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා යටතට පත් නොකරන ලද අතර ඒ සඳහා වෙනම භාන්ඩාගාර ප්‍රධානියකු සිටියේය.

මේ අතර භාන්ඩාගාරය සමග වෙනම තිරස් සම්බන්දතාවයක් මහ බැංකුව සමග ඇති කර තිබුනේය.

එසේම මහබැංකුව මුදල් අමාත්‍යංශයේ ග්‍රහනයෙන් එපිටින් තබා තිබුනේය.

මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා ද පියවර ගනනාවක්ම ගෙන තිබුනේය.

පලමු පියවර වුයේ මහ බැංකුව පාලනය කිරීම සඳහා මුල්‍ය මන්ඩලයක් වෙනම පනතක් (Monetary Act) මගින් පත් කිරීමයි. ඒ අනුව තාර්කිකව ස්වාධීන යයි කිව හැකි සාමජිකයන් 3 ජනාධිපති විසින් පත් කරනු ලැබීමයි.

දෙවනුව මහ බැංකු අධිපතිවරයා මුදල් ඇමති වරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා පත් කරන්නට කටයුතු කරනු ලබයි.

එසේ වෙනත් නිර්නායක මත පත් කරන මහ බැංකු අධිපතිවරයා මුල්‍ය මන්ඩලයේ සමාජිකයන් තිදෙනා ගේ ප්‍රධානියා ලෙස මහ බැංකුව තුල අසුන් ගෙන මහ බැංකුව පාලනය කිරීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව මහ බැංකුව තුලද මුල්‍ය මංඩලය හා මහ බැංකු අධිපතිවරයා අතර තුලනයක් හා සංසරනයක් ඇති කරන්නට කටයුතු කර තිබුනි.

මහ බැංකුවේ ස්වාධීනත්වය තවදුරටත් ස්වාධීන කිරීම උදෙසා මහ බැංකුවේ ඉහල නිලධාරීන්ගේ මුල්‍ය ස්වාධීනත්වය අවධාරනය කරමින් ඔවුන්ගේ වැටුප් අමාත්‍යංශයකට වැයබරක්වීම වලකා එය ඒකාබද්ධ අරමුදලට වැයබරක් කොට තිබුනි. අයවැය මගින් එම මුදල් වෙනම වැය ශීර්ෂයක් යටතේ වැය කිරීමට කටයුතු යොදා තිබුනි. එය ආන්ඩුක්‍රම ව්‍යවස්තාව මගින්ම තහවුරු කොට තිබුනි.

එසේම 17 වන හා 19 සංශෝදනය හරහා මහ බැංකු අධිපති පත් කිරීම ව්‍යවස්තා සභාවේ අනුමැතිය පරිදි ජනපතිට පත් කීරීමට කටයුතු සම්පාදනය කර තිබුනි.

නමුත් රාජ්‍ය මුලන පාලනය සඳහා ඉහතින් සඳහන් කොට තිබු සියලු තුලන හා සංවරන ක්‍රම ක්‍රමයෙන් පසු කලක දියාරු වී ගිය අතර 18 වන හා 20 වන සංශෝදනය හරහා එසේ දියාරු වීමේ උච්ඡතම අවධියට පත් කරනු ලැබ තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද රනිල් වික්‍රමසිංහ අගමැති වරයාද මෙම දියාරු කිරීම උපරිමයට ගෙන ආවේය.

ඒ අනුව 2009 ද මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මහ බැංකුව නව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශයක් මුදල් අමාත්‍යංශයට පරිභාහිරින් පිහිටුවා ඒ යටතට ගත්තේ ය. ඉන් පසුව තම දේශපාලන සගයකු වන කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති ලෙස පත් කරනු ලැබුයේය.

කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කරන ලද සද් කාර්‍යයන් ජනාධිපති කොමිසමක නිර්දේෂ මත සකස් කරන ලද වෝහාරික විඝණන වාර්තාව මගින් කදිමට සඳහන් කොට තිබේ.

මහින්ද ජනාධිපතිවරයා අනුගමනය කරමින් 2015 යහපාලන ආන්ඩුවේ අගමැති ලෙස කටයුතු කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාද මහබැංකුව තමන් යටතේ තිබු ආර්ථික කටයුතු සංවර්ධනය පිලිබඳ වෙනම අමාත්‍යංශයක් යටතට ගත් අතර මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තම පුද්ගලික හිත මිතුරකු වන හා මෙරට පුරවැසියකු නොවන අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන ලදී.

අර්ජුන මහේන්ද්‍රන් ගේ ක්‍රියා කලාපය මහ බැංකුවට අදාලව පැවැත්වුන ජනාධිපති විමර්ශණ කොමිසන් වාර්ථාවේ මැනවින් සඳහන් කොට තිබේ. ඔහු විසින් රටට කරන ලද පාඩුව දල වශයෙන් රුපියල් බිලියන 19 වන බව ගනන් බලා තිබේ.

මේ අවස්තා දෙක මගින්ම පෙන්නුම් කරනු ලබන්නේ මහ බැංකුව පවත්වා ගත යුතු ස්වාධීනත්වය අස්ථාවර කිරීමේ අවධානමයි.

එසේ මහ බැංකුව අස්ථාවර කිරීමෙන් රටට වු අලාබය රුපියල් බිලියන ගනනකි.

මහ බැංකුවත් මහා භාන්ඩාගාරයත් මුදල් අමාත්‍යංශයත් එකම දේශපාලන ව්‍යාපෟතියක් හරහා පාලනය වීම රටට අගතියකි.

සාපේක්ෂ ස්වාධීනත්වයක් හෝ තිබෙන්නේ යැයි සැලකෙන මුල්‍ය මන්ඩලයට ඉහලින් අධි බලැති දේශපාලඤයකු මහ බැංකු අධිපති වරයා ලෙස වාඩිවු විට මුදල් මන්ඩලයේ සෙසු සාමාජිකයන් අඟුටුමිට්ටන් බවට පත්වීම නොවැලැක්විය හැකි කරුනක් වන්නේය.

එසේම යම් හෙයකින් තන්හාදික කෑදර දේශපාලන සදාචාරයක් නැති හිරි ඔතප් නැති රටට ජනතාවට වගවීමක් නැති තම දේශපාලන ස්වාමියාට පමනක් වැඳවැටෙන පුද්ගලයකු මහ බැංකු අධිපතිවරයකු බවට පත් කරනු ලැබුවහොත් එවැන්නක් පිලිබඳව රටක් ලෙස භීතියට පත් නොවී සිටින්නේ කෙසේදැයි අපට දෙරන නාලිකාවෙන් පෙරලා විමසන්නට සිදුවී තිබේ.

ඉතිහාසය එලෙසට බිය වීම සඳහා කරුනු අපට ඉතිරි කොට දී තිබේ.

වෝහාරික විඝණන වාර්ථාවට අනුව 2002 ජනවාරි 1 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා මහ බැංකුවට සිය ගනුදෙනු වලින් සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 10.4 සිට 10.6 අතර මුදලකි. එම කාලය වකවානුව අතරින් 2006 සිට 2015 දක්වා මහ බැංකුවේ ප්‍රධානියා කබ්රාල් මහතාය.( 23 සිට 26 වන පිටුව)