ටයිම් සඟරාව තමන්ගේ ලොව බලවත්ම 100 දෙනාගේ ලැයිස්තුව නිකුත් කරලා. මෙවර කවරයේ ඡායරූපවල හැරී කුමරු සහ මේගන් මර්කල් කුමරිය, තරුණ ගායිකා බිලී අයිලිෂ්, ප්‍රවීණ රංගන ශිල්පිනී කේට් වින්ස්ලට් ඇතුළු හත් දෙනෙකු ඉන්නවා.
ඊට අමතරව ප්‍රබල සකේතාත්මක තරු විදියට ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා, ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්, ගායිකාවක මෙන්ම සමාජ සේවිකාවක වන ඩොලී පැට්‍රෝන් ඇතුළු පිරිසක් ඉන්නවා.
මේ සංකේතාත්මක චරිත ලෙස තෝරාගන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතයේදී ලෝකයේම අවධානයට ලක් වෙන විශේෂ දේවල් කළ අය. උදාහරණයක් විදියට බ්‍රිට්නි ස්පියර්ස් තමන්ගේ නිදහස වෙනුවෙන් කළ සටන, හැරී සහ මේගන් කුමරිය රජ පවුලෙන් ඉවත්වීම ආදී සිදුවීම්. මෙහි සිටින නයෝමි ඔසාකා මානසික පීඩනයට එරෙහිව ආදර්ශවත් ලෙස සටන් කළා විතරක් නෙවෙයි, ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු නිදහස වෙනුවෙන් සටන් කළ අය අතරත් සිටියා. මෑත ඉතිහාසයේ ඝාතනයට ලක් වූ කළු ජාතිකයන් සංකේතවත් කරන්නට මුහුණු ආවරණ පැළඳ ප්‍රසිද්ධ අවස්ථාවලට සහභාගී වීමත් ඇය කළා.
මන්ජුෂා පී කුල්කකර්නි, රසල් ජෙයුන්ග් සහ සින්තියා චෝයි යන ක්‍රියාකාරිකයන් ඇමෙරිකාවේ සිටින ආසියානු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළා.
කෙසේ වෙතත් ඒ සියල්ලට වඩා මේ ලැයිස්තුවට ආකර්ශණීය ඇතුළත් වීමක් වෙන්නේ මුනා එල්-කර්ඩ් සහ මොහොමඩ් එල්-කර්ඩ් යන නිවුන් සහෝදර යුවළ. මේ දෙනනා පලස්තීනයේ ෂෙයික් ජරාහ් ප්‍රදේශයේ සිටි අය. පලස්තීනයේ මානව හිමිකම් අර්බුදය ලෝකයට කියන්නටත්, ආයුධ අතට නොගත් සාමකාමී පලස්තීනුවන් විදියට විඳින දුක ඉස්මතු කරන්නටත් ඔවුන් කටයුතු කළා. මුස්ලිම් ජනතාවට ආයුධ අතට ගැනීමේ වැරදි ආදර්ශ දෙන්නට අය ඕනෑ තරම්. ඒ අතර ආයුධ බිමින් තබා සාමයේ අවිය අතට ගන්නට කියාදෙන අයත් විශාල පිරිසක් ඉන්නවා. එල්-කර්ඩ් නිවුන්නු සමාජ මාධ්‍යවලට වයිරල් පෝස්ට් නිර්මාණය කරමින් මේ අර්බුදය ලෝකයට කියන්නට සමත් වුණා.
කොහොම වුණත් මේ දෙන්නා ටයිම් 100 ලැයිස්තුව ඇතුළට ගියේ ජනප්‍රිය තරු වූ නිසාවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් වූ නිසාවත් නොවන බව මතක තියාගන්න ඕනෑ. ඔවුන් එතැනට ගියේ සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රටේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමෙන්. තමන්ගේ සමාජයේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමෙන්.
ඉතින් අපේ රටේ තරුණ පරපුරට ආදර්ශවත්ම කතාව තියෙන්නේ ඒ දෙන්නාගේ බව අපි හිතනවා.
ටයිම් 100 ලැයිස්තුව පහතින්,
Icons
- Naomi Osaka By Russell Wilson
- Alexei Navalny By Garry Kasparov
- Britney Spears By Paris Hilton
- Sherrilyn Ifill By Bryan Stevenson
- Dolly Parton By Miley Cyrus
- Shohei Ohtani By Alex Rodriguez
- Cathy Park Hong By Ali Wong
- Luis Manuel Otero Alcántara By Ai Weiwei
- Nasrin Sotoudeh By Shirin Ebadi
- Manjusha P. Kulkarni, Russell Jeung and Cynthia Choi By Cathy Park Hong
- Muna El-Kurd and Mohammed El-Kurd By Sanya Mansoor
Pioneers
- Ben Crump By Gwen Carr
- Adi Utarini By Melinda French Gates
- Sunisa Lee By Nastia Liukin
- Felwine Sarr and Bénédicte Savoy By David Adjaye
- Fatih Birol By John Kerry
- Aurora James By Edward Enninful
- Adar Poonawalla By Abhishyant Kidangoor
- Phyllis Omido By Erin Brockovich
- Frans Timmermans By Christiana Figueres
- Indyra Mendoza and Claudia Spellmant By Kerry Kennedy
- Roger Cox By Al Gore
- Olimpia Coral Melo Cruz By Amanda Nguyen
- Dorottya Redai By Terry Reintke
- Esther Ze Naw Bamvo and Ei Thinzar Maung By MiMi Aye
Titans
- Tim Cook By Phil Knight
- Shonda Rhimes By Julie Andrews
- Timbaland and Swizz Beatz By Brandy
- Nikole Hannah-Jones By Barry Jenkins
- Tom Brady By David Beckham
- Youn Yuh Jung By Steven Yeun
- Allyson Felix By Michelle Kwan
- Angélique Kidjo By Alicia Keys
- Kenneth C. Frazier and Kenneth I. Chenault By Ursula Burns
- Luiza Trajano By Luiz Inácio Lula da Silva
Artists
- Bad Bunny By J Balvin
- Chloé Zhao By Ang Lee
- Jason Sudeikis By Seth Meyers
- Scarlett Johansson By Jamie Lee Curtis
- Lil Nas X By Kid Cudi
- Jessica B. Harris By Carla Hall
- Bowen Yang By Sandra Oh
- Tracee Ellis Ross By Thelma Golden
- Mark Bradford By Anita Hill
- N.K. Jemisin By Stacey Abrams
- Steven Yeun By Tessa Thompson
- Daniel Kaluuya By Ryan Coogler
- Omar Sy By Bradley Cooper
- Barbara Kruger By Hal Foster
- Kane Brown By Darius Rucker