පැමිණිල්ලක් ලැබුණොත්, නිතිය ක්‍රියාත්මක කරනවා – විරසේකර

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට රාත්‍රියේ පැමිණ, රැඳවියන් දෙදෙනෙකුගේ ඔළුවට ගිනි අවියක් තබා තර්ජනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණ හොත් ලොහාන් රත්වත්තේ මහතාට නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ‘ද මෝනිං’ පුවත්පතට පවසා ඇත.

පැමිණිල්ලක් ලද වහාම රත්වත්තේ මහතා බන්ධනාගාර සංකීර්ණ තුළ ආයුධ භාවිතා කිරීමට එරෙහිව පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට හැකි වන බවය.

“මම හිතන්නේ ඔහු පාවිච්චි කළ තුවක්කුව බලපත්‍රලාභී ගිනි අවියක්. කොහොම වුණත් පැමිණිල්ලක් ලැබුණ ගමන් අපි නීතිය ක්‍රියාත්මක කරනවා”