කතානායක නිල නිවසේ එන්නත් කරලාලු!

Sri Lanka's new speaker Mahinda Yapa Abeywardena addresses the parliament in Colombo on August 20, 2020, shortly after he was unanimously elected to the post in the 225-member assembly. - Abeywardena is from Prime Minister Mahinda Rajapaksa's Sri Lanka Podujana Party which won a landslide two-thirds majority at the August 5 parliamentary election. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

කතානායක මහින්ද යාපා අබේවර්ධන ජංගම එන්නත්කරණ කණ්ඩායමක් නිල නිවසට ගෙන්වා සිය ඥාතීන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදී ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.


මෙම එන්නත්කරණය පසුගිය අගෝස්තු 11 වැනිදා සිදුකර ඇති අතර එහිදී ලබාදී ඇත්තේ ෆයිසර් එන්නත බවය.


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්්ධන පවසා ඇත්තේ එවැනි එන්නත්කරණයක් ඉහත දිනයේ නොකළ බවයි. දින වෙනසකින් යුතුව හෝ එවැනි එන්නත්කරණයක් නිල නිවසේ කළාදැයි තවදුරටත් විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ සිය කාර්ය මණ්ඩලයට එන්නත් කළ බවය. එය කළේ කෙසේදැයි විමසීමේදී ඔහු පවසා ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ එන්නත්කරණයක් පැවති අවස්ථාවේ එම ස්ථානයෙන් පිරිසක් ගෙන්වා එම එන්නත්කරණය සිදුකළ බවයි.


කතානායකවරයා එසේ කීවද එන්නත්කරණයේ මුල් අවස්ථාවේ මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තු සේවකයන්ට එන්නත් කිරීම කළ අතර අනිද්දා පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේදී කතානායකවරයාගේ කාර්ය මණ්ඩලයද එන්නත් ලබාගත් බවයි.


ෆයිසර් එන්නත්කරණය සිදුකරන්නේ යුද හමුදාව බැවින් මෙම එන්නත්කරණය ගැන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්නගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඒ ගැන නොදන්නා බැවින් තොරතුරු සොයා පිළිතුරක් ලබාදෙන බවය.■