රත්වත්තේ ඇතුළු පිරිසක් සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් ලැබිලා නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ලොහාන් රත්වත්තේ මහතා ඇතුලු පිරිසක් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත බීමත්ව ගොස් කලහකාරී ලෙස හැසිරුණා යයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් එම බන්ධනාගාර පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලටන් සැප්තැම්බර් 15 වන දින පෙරවරුව දක්වාම කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ලංකාදීප වෙබ් අඩෙවියට පවසලා.

මෙම සිද්ධි දෙක සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇතැයි ද අද පෙරවරුවේ පරික්ෂා කළ බවත් ඇතැම්විට අමාත්‍යවරයා ඉල්ලා අස්වූ පසු  අදාල බන්ධනාගාරවල බලධාරීන් පැමිණිලි කිරීමට ඉඩ ඇති බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසලා.

මෙම සිද්ධියෙන් දෙක සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබේද යන්න පිළිබඳව කළ විමසුමදී නිහාල් තල්දුව මහතා එසේ පැවසීය.