කුණුහරුප සහිතයි! මන්ත්‍රීට කතා කළ ඡන්දදායකයෙක්ට අහන්න ලැබුණ දේ!

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු මහ ඇමති චාමර සම්පත්ට සමාන කටහඬකින් ඡන්දදායකයෙක්ට කුණුහරුපයෙන් බැණවදින දූරකථන ඇමතුමක හඬපටයක් අපට ලැබුණා.

අනවසරයෙන් පටිගතකළ ඇමතුමක් විය හැකි නිසා, හඬපටය ප්‍රසිද්ධ කිරීම ආචාරධර්මවලට නොගැලපෙන බව අප තීන්දු කළ නිසා එහි හඬපටය ප්‍රසිද්ධ නොකළත්, ඇමතුමේදී අන්තර්ගතය ප්‍රසිද්ධ කිරීමේ හැකියාව තිබෙනවා.

මේ ඇමතුම චාමර සම්පත් මහතාට ගත් ඇමතුමක හඬපටයක් බව අපට එහි කටහඬ ඇසීමෙන් වගේම හඬපටය ලබාදුන් පුද්ගලයාගේ ප්‍රකාශයෙන් තහවුරුයි. ඒ අනුව අපි මේක වාර්තා කරනවා. එහෙත් එහි සත්‍ය අසත්‍යතාව සීයට සීයක් අපට තහවුරු කළ නොහැක්කේ විද්‍යාත්මක විමර්ශනයකින් මිස එවැන්නක් අපට කළ නොහැකි නිසා.

එහි අන්තර්ගතය පහත දැක්වෙනවා. ලෝකයේ ඇතැම් රටවල ඡන්දයෙන් පත්වෙන මහජන නියෝජිතයන් නිසියාකාරව කටයුතු නොකරන්නේ නම්, පෙත්සමක් ඉදිරිපත් කොට ඡන්දදායකයන්ට ඒ නියෝජිතයාව ‘නැවත කැඳවීමේ’ ක්‍රම තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට නියෝජිතයෙකු අමතා විවේචනය කරන්නත් ඉඩක් නැති බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

ඇමතුමේ අන්තර්ගතය පහත දැක්වෙනවා. එහි ‘කුණුහරුප’ යැයි සම්මත වචන ඇතුළත්.

‘චාමර සම්පත්ට සමාන කටහඬ- හලෝ

ඡන්දදායකයා – මහඇමතිතුමා, ආයුබෝවන් වාසනාවන්. කතාකරන්න පුළුවන්ද මේ වෙලාවේ.

සමාන කටහඬ – කවුද?

ඡන්දදායකයා – මම සම්පත් ඔබතුමාට ඡන්දය දුන්න මනුස්සයෙක්

සමාන කටහඬ – ඡන්දය දුන්න මනුස්සයෙක්?

සමාන කටහඬ – ඔව්. ඔබතුමාගෙන් අහන්නේ. පාර්ලිමේන්තුවේ මේ දවස්වල කතාකරන විදග්ධ කතාවත් එක්ක අපට ලොකු කළකිරීමක් තියෙනවා ඔබතුමාට ගැන. ඔබතුමා කතා කරන භාෂාව ශෛලියත් එක්ක මම හිතුවෙ නෑ ඔබතුමා ඔය වගේ ගමනක් යයි කියලා. ඔබතුමාට මොකක්ද මේ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බදුල්ලේ තියෙන ප්‍රශ්න ඕක නෙවෙයි. බදුල්ලේ තියෙනවා ඇවිල්ලා…

සමාන කටහඬ – මේ මේ ඔයා ඔය තමුසෙ ඡන්දෙ දුන්න මිනිහෙක් නං මගේ කතාව තමුසෙ හුකාගන්නැතුව ඉන්නවා හුත්තෝ. හුකන්න හදන්නෙ උඹ. කැරියා. මට කතාකරන්න උඹ කවුද හුත්තිගෙ පුතා.

ඡන්දදායකයා- හරි සෝක්. ලස්සනයි කතාව.

සමාන කටහඬ – හරි සෝක් කියන්න පකයා, උඹ කවුද මට කතා කරන්න. උඹ මට ඡන්දය දුන්නද කියල මම දන්නවද පකයා.

ඡන්දදායකයා- නෑ මම මම හිතන්නෙ ඔබතුමා කතා කරන කතාව රෙකෝඩ් වෙනවා.

සමාන කටහඬ- රෙකෝඩ් කරගෙන උඹ උඹේ අම්මට හුකාගනිං රෙකෝඩ් කරගෙන.

ඡන්දදායකයා – එහෙමද’