දින 24ක කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් මිලියන 1920ක පමණ ආදායමක් අහිමි වී ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසා ඇත.
රට පුරා දිනක් තුළ ධාවනය කෙරෙන බස් ඇණිය ධාවනය නොකිරීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 80ක පමණ පාඩුවක් සිදුවන බවත් ඔහු පෙන්වා දී ඇත.
කොව්ඩ් හේතුවෙන් මාසිකව ලබන ආදායම ද අඩු වී ඇති බව පැවසූ හෙතෙම රට සාමාන්‍ය තත්ත්වයේ පසුවන අවස්ථාවලදී මාසික ආදායම නිවාඩු දිනත් ඇතුළුව රුපියල් මිලියන 800ක් 850ක් ඉක්මවන බවත් පවසා ඇත.
රට වසා ඇති මේ අවස්ථාවේදී වුවද රාජ්‍ය හා පුද්ගලික ආයතනවල ඇණවුම්වලට අදාළව බස් රථ 350ක් පමණ රට පුරා ධාවනය කෙරෙන අතර එහි සිටින මගී සංඛාවට සේවය සැලසීම පිළිබඳ සළකා බලන බවත් පවසා ඇත.