රාජ්‍ය ඇමතිවරයෙකු යාළුවන් කණ්ඩායමක් එක්ක බීමත්ව ඇලිකඩ බන්ධනාගාරයට කඩාවැදිලා.
ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරලා තියෙන විදියට මේ රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයකුත් අරගෙනයි කඩාවැදිලා තිබුණේ.
බීමත්ව සිටි ඇතැම් මිතුරන් ඇවිද්දේත් අපහසුවෙන් බව ඒ වාර්තාවේ සඳහන්. ඇතුළට යන්න ඉඩ නොදුන් නිලධාරීන්ට බැණවැදුණාලු.
මේ ගැන විමසුවාම ජෛෂ්ඨ බන්ධන්ගාර නිලධාරියෙක් තහවුරු කළාලු. ඒත් වැඩි විස්තර කියන්න බැරි බව සඳහන් කළාලු.
මේ ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඇහුවාම ඔහු කියා තිබුණේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොහොමවත් එහෙම සිදුවීමකට සම්බන්ධ නොවූ බව.
රාජ්‍ය ඇමතිවරයෙක් බීගෙන බන්ධනාගාරයට කඩාවැදිලා
