යෝජනාව අගමැතිගෙන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස 200 ක නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා ලෙස ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීමට නියමිත අතර මාදිවෙල පිහිටි මන්ත්‍රී නිළ නිවාස භූමියේ තවත් නිවාස 200 ක් ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබාගෙන නොමැති හෙයින් අදාල යෝජනාව සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැත.
ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශද ලබාගෙන යෝජනාව සංශෝධනය කර ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේදීද සාකච්ඡා කර ඇති අතර එහිදීද තීරණය වී තිබෙන්නේ ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශද ලබාගෙන නව සංශෝධනයක් ඉදිරිපත් කළ හැකි බවය.