පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා විරෝධතා කරන්නේ දේශදෝහීන්ද?

ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැත්වෙන G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වූ තමන්ව පිළිගැනීමට දේශප්‍රේමී ශ්‍රී ලා‍ංකිකයන් පැමිණි බව අගමැති මහින්ද රාජපක්ෂ තම මුහුණු පොතේ සටනක් තබා ඇත.

සැප්තැම්බර් 13 වෙනි දින මෙම සටහන අගමැතිවරයා පළ කර තිබුණු අතර එහි වීඩීයෝවක් පළ කරමින් තමන්ව පිළිගන්නට පැමිණි දේශප්‍රේමීන්ව කැමරාවට අසු කරගෙන තිබුණි.

අගමැතිවරයාගේ ඉතාලි සංචාරය හමුවේ ඉතාලියේ සහ ඒ අවට සිටින ශ්‍රී ලාංකිකයන් ඉතාලියට පැමිණ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩිනම්ව සිදු කරන ලෙසත් එම ප්‍රහාරයට වග කිවයුතු පුද්ගලයන්ට දඩුවම් කරන ලෙසත් ඉල්ලමින් මේ වන විට විරෝධතා පත්වමින් ඇත.

අගමැතිවරයාගේ මෙම සටහනෙන් හැඟි යන්නේ පාස්කු ප්‍රහාරයට සධාරණයක් ඉල්ලා විරෝධතා වල නිරත වන්නේ දේශදෝහීන්ද යන්න බවය.

කෙසේ වෙතත් ලෝකය දියුණු කාලයක, මහින්ද රාජපක්ෂ වැනි දේශපාලනය පිළිබඳව විශාල දැනුමක් ඇති නායකයෙකු මෙවැනි ප්‍රකාශයක් පළ කිරිම කණගාටුදායක කාරණයකි.

අගමැතිවරයාගේ සටහන සහ විඩියෝව පහළින්

ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැත්වෙන G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වූ මා පිළිගැනීමට පැමිණි දේශප්‍රේමි ශ්‍රී ලාංකික හිතවතුන්ට සහ ඉතාලි ජනතාවට ස්තූතියි!

https://fb.watch/7__5_R248L/