ලක්ෂයකට වැඩි මාසික ආදායමක් ඇති අයට සීයට පහකවත් බද්දක් පනවන්න ඕනෑ – බන්ධුල

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන සියලුම දෙනාට 5%ක බද්දක් පැනවිය යුතු බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.