වසංගතයක් අස්සෙ මැතිවරණයක් ඉල්ලන විපක්ෂ නායකයගෙ මොළය පරීක්ෂා කරන්න ඕන – අනුර කුමාර

වසංගතයක් රටපුරා පැතිර ගොස් ජනතාව බරපතල අපහසුතාවයකට පත්ව සිටින අවස්ථාවක මැතිවරණයක් ඉල්ලා සිටින විපක්ෂ නායකයාගේ මොළය පරීක්ෂා කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා ඇත.

සැප්තැම්බර් 12 වැනි දින මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පවසා තිබුණි.

” මාරුවෙන් මාරුවට ඒ ගොල්ලෝ රටේ බලයට පත්වෙලා. විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවේ අසාර්ථකත්වය ගැන කතා කියනවා. මේ වෙලාවේ මැතිවරණයක් ඉල්ලන්නේ ජනතාව ගැන හිතලා නෙවෙයි. ආණ්ඩුවේ අසාර්ථකවය පෙන්වලා දෙමින් ජනතාව බිල්ලට දීලා බලය ගන්න යන එක මෝඩ ප්‍රකාශයක් “

මේ වෙලාවේ විපක්ෂය කරන්න ඕනෑ මේ ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේර ගන්න අවශ්‍ය මාවත පාලකයන්ට පෙන්වා දෙන එක. ඒකට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන එක.”