හදිසි නීතියෙන් ජනතාව මර්දනය කළොත් උසාවි යනවා -රනිල්

ආණ්ඩුව හදිසි නීතිය යටතේ ජනතාව මර්දනය කරන රෙගුලාසි ගෙන ආවොත් ඊට එරෙහිව අධිකරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පැවසූයේ හදිසි නීතිය යටතේ භාණ්ඩ අත්‍යවශ්‍ය සේවා කළාට ගැටලුවක් නැති නමුත් ජනතාවට බඩු අඩු මිලට සැපයිය යුතු බවය.

සහල් හැර අනෙක් සියලු ආහාර වර්ග ආනයනය කරන බව කී වික්‍රමසිංහ මහතා එලෙස භාණ්ඩ ගෙන්වන්නට මේ වන විට ව්‍යාපාරිකයන්ට මුදල් නැතිබව සදහන් කර තිබුණි. පෙනෙන්නට තිබෙන එකම දෙය දිනෙන් දින ආර්ථික අර්බුදය උග්‍ර වීම පමණක් බවද වික්‍රමසිංහ මහතා කීය.